Header Ads

Hulk පාකිස්ථානයෙන් මතුවෙයි.

Hulk කියන චරිතය අපි කවුරුත් දැකලා තියෙන්නේ චිත්‍රපට වලින් එහෙමත් නැත්නම් කාටුන් වලින්.
එහෙත් ඇත්තම Hulk කෙනෙක් පාකිස්ථානයේ ඉන්නවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සාමාන්‍ය මනුස්සයෙක් වුනත් මේ මිනිසා Hulk කෙනෙක් වෙන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි තරබාරු කමින් සහ උසින්.
මෙයාගේ නම Arbab Khizer. Khizerගේ උස අඩි 6යි අගල් 3යි. බර රාත්තල් 960ක්.
මෙයාව මේ වෙන කොටත් පකිස්ථානය නම් කරලා තියෙන්නේ පකිස්ථාන් Hulk යනුවෙන්.
වයස අවුරුදු 25ක තරුණයෙක් වන Khizer ටැක්ටරයක් අතින් ඇදීමට සමත්වෙලා තියෙනවා.
මෙයා දවසට උදේ ආහාර වේලට බිත්තර 36ක් සහ මස් රාත්තල් 7ක් අනුභව කරන ගමන් කිරි ලීටර් 5ක් පානය කරනවා කියලයි එරට මාධ්‍ය අනාවරණය කරන්නේ.
හැබැයි කොච්චර කෑවත් මෙයා නිකන් ඉන්න කෙනෙක් නෙමේ මෙයා මල්ලව පොර තරග වලට සහභාගි වෙලා ජයග්‍රහණ රැසක් වාර්තා කරපු කෙනෙක්.







No comments

Powered by Blogger.