Header Ads

ක්‍රිෂාන් මැරෙන හැටි පෙන්වන්න ගියා ද ?

ගෙල වැලලාගෙන සිටින ද ර්ශනයක් ලැප්ටොප් පරිගනකයකින් වීඩියෝ කිරීමට උත්සහ කල බවට සැක කරන පාසල් සිසුවෙකුගේ මල සිරුරක් ගලේවෙල
තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක තිබී සොයා ගැනෙයි.

මෙසේ මියගොස් ඇත්තේ උසස්පෙළ  සිසුවක් වන ක්‍රිෂාන් දිල්හාන්  නැමැති 17 හැවිරිදි අයෙකි. තම මව හා පියා නිවසේ  නොමැති අවස්ථාවක පරිගණකය පුටුවක් උඩින් තබා එය  ක්‍රියාත්මක කර ඊට ඉදිරිපිටින් සිසුවා ගෙල  සිර නොවන්නට ගෙල වටා තුවායක් හා රෙදි වලින  මසන ලද ගනකම පා පිස්නක්ද ඔතා ලනුවක් ගෙලේ ගැටගසා කාමරයේම වහලේ එල්ලී ඇති බව පොලිසිය කියයි .



දඹුල්ල වැඩ බලන මහේසත්‍රාත්  ජයම්පති රත්නදිවාකර මහතා පැමිණ පරික්ෂා කර බලන විට  ලැප්ටොප් පරිගනක රහස් අංකයක් යොදා  ඇතුල්වීම වලකා තිබීම නිසා එය විවෘත කිරීමට දන්නා අයකු ලවා පරික්ෂා කර අදිකරණයට දන්වන ලෙස නියෝග කරන ලදී 


මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවා ට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය .ඔහු නිතර තනිව සිටීමට කැමැත්තක් දක්වන සිසුවෙක් බවද කියයි .ගලේවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො ප සාගර රාජකරුණා මහතා පරීක්ෂණ මෙහෙයවයි



මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.