Header Ads

ගිලන් රථයේ ගිය මවක් අධිවේගී මාර්ගයට ඇදවැටිලා...

තංගල්ල මූලික රෝහ‍ලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඊයේ (04) දිනයේ පෙරවරුවේ රෝගීන් රැගෙන ගිය ගිලන් රථයක් මාතර, ගොඩගම අධිවේගී මාර්ග පිවිසුමට ඇතුළුවීමේ දී රථයේ දොරක අගුලු විවෘත වී මවක් මාර්ගයට ඇදවැටී ඇත. 
තංගල්ල මූලික රෝහ‍ලේ සිට LW-0164 අංක සහිත ගිලන් රථයෙන් මවක් හා ඇයගේ අලුත උපන් ළදරුවාගේ පරීක්ෂණ කටයුතු සඳහා ළදරුවා ද සමග කරාපිටිය මහ රෝහල වෙත ඊයේ උදෑසන පිටත්ව ඇත.
ගිලන් රථය මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුමට ඇතුළුවීමේ දී ගිලන් රථයේ සිටි මව හදිසියේ ගිලන් රථයේ දොරෙහි අගුල විවෘතවීම නිසා මාර්ගයට වැටී ඇත. පසුව එම කාන්තාව එම ගිලන් රථයෙන්ම කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඇයට රෝගී තත්ත්වයක් නොමැති නිසා යළි එම ගිලන් රථයෙන්ම තංගල්ල මූලික රෝහල වෙත ගෙනෙනු ලැබිය.
මේ පිළිබඳව තංගල්ල මූලික රෝහ‍ලේ වෛද්‍ය අධිකාරී ඉරංගා යද්දෙහිගේ මහත්මියගෙන් කළ විමසීමේ දී ඇය මෙසේ කියා සිටියාය.
තංගල්ල මූලික රෝහ‍ලේ සිට කරාපිටිය මහ රෝහල දක්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය රෝගීන් අතර සිටි මවක් අනතුරකට ලක්වෙලා තියෙනවා කියලා මට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව මෙම  මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලින් අනතුරුව මා වෙත තොරතුරු ලැබි තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා යැයි පැවසුවාය.

No comments

Powered by Blogger.