Header Ads

ඉන්දියාව ලිංගික සංක‍්‍රාන්තිකයන් සදහා පාසලක් අරභයි

ඉන්දියාව පළමු වරට ලිංගික සංක‍්‍රාන්තිකයන් උදෙසා පාසලක් ආරම්භ කර ඇත. දකුණු ඉන්දියාවේ කේරළයේ, කොචින් නගරයේ පසුගියදා සහාජ් ඉන්ටර්නැෂනල් නමින් මෙම නේවාසික පාසල ආරම්භ විය. මෙම පාසල ආරම්භ කිරීම සඳහා
පුරෝගාමී වී ඇත්තේ එරට ලිංගික සංක‍්‍රාන්තිකයන් සම්බන්ධ කි‍්‍රයාකාරීන් පිරිසකි. මෙම පාසල සඳහා වයස අවුරුදු 25 සිට 30 දක්වා ලිංගික සංක‍්‍රාන්තිකයන් බඳවා ගැනීමට අදහස් කරන අතර ඔවුන්ව ද්වීතියික හා ජේ්‍යෂ්ඨ ද්වීතීයික විභාග සඳහා යොමු කිරීමට සහ වෘත්තීය පුහුණුව ලබා දීමට  බලාපොරොත්තු වේ.
මේ වන විට මෙම පාසලට සිසුන් 6 දෙනෙකු ඇතුළත් වී තිබේ. එම සිසු සිසුවියන් අතර පුරුෂයින් වශයෙන් උපත ලබා පසුව කාන්තාවන් බවට පත් වුණු පුද්ගලයන් පස්දෙනෙකු සිටින අතර කාන්තාවක් වශයෙන් උපත ලබා පසුව පිරිමියෙකු බවට පත්වුණු පුද්ගලයෙකු සිටියි.
අධ්‍යාපනය ලබන කාලය තුළ ඔවුන්ට අවශ්‍ය ආහාර හා නවාතැන් පහසුකම් පාසල වෙතින් ලබා දෙයි.
පාසලේ සියළුම ගුරුවරුන්ද ලිංගික සංක‍්‍රාන්තිකයන් වීම විශේෂත්වයකි. ඉන්දියාවේ මේ වන විට ලිංගික සංක‍්‍රාන්තිකයන් මිලියන 03ක් පමණ සිටින බව සහ කේරළයේ පමණක් ලිංගික සංක‍්‍රාන්තිකයන් 25,000ක් පමණ සිටින බව ගණන් බලා තිබේ.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වර්ෂ 2014දී ස්තී‍්‍ර හා පුරුෂ ප‍්‍රධාන ධාරා දෙකෙන් පිටත තුන්වැනි සමාජභාවයක් සිටින බවට පිළිගෙන ඇත. ලිංගික සංක‍්‍රාන්තිකයන්ට ගෞරවනීය ජීවන තත්ත්වයක් ලබාදීම මෙම පාසල ආරම්භ කිරීමේ අරමුණ බව පාසල් ප‍්‍රධානී විජයරාජ් මල්ලිකා සඳහන් කර ඇත.

No comments

Powered by Blogger.