Header Ads

GOSSIP චිත්‍රපටයක් කෝටි ගණනක් උපයද්දි එහි සැබෑ කතාවට වෙලා තියෙන දේ

පැය තුනක් ගොඩක් ලොකු සෙනගක් එක්ක වාඩිවෙලා ලොකූ කොටුවක් ඇතුලේ කරුවලේ බලන බොරු චිත්‍රපට අතර ඇත්ත කතාවක් පහුගිය දවසක ඉන්දියාවේ වගේම ලෝකය පුරාම දැඩි කතාබහට ලක්වුණා.
ඒ චිත්‍රපටයේ නම Dangal ‘පිටිය’.
මල්ලවපොර පිටිය හා ජීවිත 4ක් එකට සම්බන්ධව ගෙතී යන කතාවක් වන මෙය සැබෑ ජීවිතයේ සැබෑවටම වුන දෙයක්.
ඉතිං අපි ඔයාලට කියන්න යන්නේ මේ චිත්‍රපටය ගැන නෙමෙය එහි සත්‍ය කතාවේ චරිත එහෙමත් නැත්නම් ඔවුන්ගේ වර්ථමානයේ ජීවන රටාව ගැනයි.
Geeta phogat කියන්නේ සැබෑ ජීවිතයේ ඉන්දියාව වෙනුවෙන් 2010 වසරේ ඔලිම්පික් රන් පදක්කම දිනාගත් තරුණියයි.
ඇගේ පියා ගැහැණු දරුවන් සිව්දෙනෙකුගේ පියෙක්.
ඔහුගේ නම Mahavir Phogat.
එම පියාගේ චරිතය චිත්‍රපටයේදි පණපොවන්නේ සුපිරි නළුවෙක් වන අමීර් ඛාන් විසින්.
අමීර් ඛාන් එම පියාගේ චරිතය සහ ඔහුගේ දියණියන් සිව්දෙනා වටා ගෙතිච්ච මෙම චිත්‍රපටය හරහා Box-Office වාර්තා බිදදමමින් මුදල් ඉපැයූයවත්, Mahavir Phogat හෙවත් සැබෑ ජීවිතයේ මල්ලවපොර පුහුණු කරමින් ඔහු මේ වන විට විශාල මෙහෙවරක් කරනවා.
ඉන්දියාව තවදුරටත් රනින් බබලවන්නට ඔහු දරුවන් 40දෙනෙකුට නොමිලේ ඔහුගේ වියදමින් සහ ඔහුගේම ස්ථාන කිහිපයක උගන්වනවා.
Dangal චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න…















No comments

Powered by Blogger.