Header Ads

බිරිඳගෙ නංගී වෙනෙකෙකු සමග කතරගම ගියැයි කිපුණු මස්සිනා ගෙට ගිණි තියලා…

වසර පහළොවක් තිස්සේ බිරියගේ නැඟෙණියද අනියම් බිරිය ලෙස තබාගෙන සිටි අයකු ඇය වෙනත් අයෙකු සමඟ කතරගම ගිය බවට ලැබුණු තොරතුරක් අනුව කලබලයට පත්ව ඇයගේ නිවෙස හා දේපොළ ගිනි තබා විනාශකර තිබෙනවා. මෙම ගිනි තැබීමෙන් රුපියල් ලක්‍ෂ 20ක පමණ දේපොළ විනාශයක් සිදුව ඇති බව යටවත්ත පොලිසිය පවසනවා.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාල සැකකරු බිරියගේ නැඟෙණියද තම අඹුකමට ගෙන සුඛෝපභෝගී නිවෙසක් තනාදී ඇත. ඔහු ඇයටද කිසිදු අඩුවක් නොවනසේ සලකා ඇතිබවයි පැවසෙන්නේ. පසුගියදා ඇය සොයා පැමිණි ඔහුට ඇය වෙනත් අයකු සමඟ කතරගම වන්දනාවේ ගිය බව දැන ගැනීමට ලැබී තිබෙනවා. වසර 15ක් තිස්සේ අඹුකමේ සිටි ඇය වෙනත් අයකු හා කතරගම යෑම පිළිබඳ උරණවූ ඔහු ඇගේ නිවෙසට ගිනි තබා තිබෙනවා.
නිවෙස මුළුමනින්ම දැවී විනාශ වී ඇති අතර යටවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පොලිසිය නොමඟ යැවීමට කටයුතු කළත් විමර්ශන නිලධාරීන් ඉදිරියේ පෙම් පලහිලව්ව හා නිවෙසට ගිනි තැබීම පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට සිදුව ඇතිබවයි පැවසෙන්නේ.
සැකකරු මාතලේ මහෙස්ත්‍රාත් එස්.බී.එච්.එම්. සේසිරි හේරත් හමුවට පමුණුවන ලදුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

No comments

Powered by Blogger.