Header Ads

නව වසරේ යහපාලන ආණ්ඩුවේ ලොකුම වැඩේ වැට උඩ

හම්බන්තොට වරාය චීනයට පැවරීම වෙනුවෙන් මේ මස 07 වැනිදා අත්සන් කිරීමට කටුයුතු සූදානම් කර තිබූ ඒකාබද්ද ගිවිසුම එදිනට අත්සන් කිරීමට නොහැකි තත්වයට පත්ව තිබේ. යෝජිත ගිවිසුම අත්සන් කිරීමත් සමග චීනයට
හම්බන්තොටින් ලබා දීමට යෝජනා වී ඇති ඉඩම් අක්කර ප‍්‍රමාණය වෙන් කර ගත නොහැකිව එහි මැනුම් කටයුතුද මේ වන විට නවතා දමා ඇත. චීන ආයෝජකයන්ට කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා අක්කර 9000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත්, ඉතිරි අක්කර 6000 මොනරාගල හා ඒ ආසන්න ප්‍රදේශවලිනුත් සොයාගැනීමට රජය තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් ජනතා අවතැන් වීම, කෘෂිකාර්මික හා පාරිසරික සංවේදී ගැටලු  හේතුවෙන් චීනයට අක්කර 15000 ක් ලබාදීම අපහසු බවට රජය හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඉඩම් මැනීම් කටයුතුද නවතා තිබේ.
අදාළ ගිවිසුමට ජනවාරි 07 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ දෙවැනි සැමරුමට සමගාමීව අත්සන් කිරීමට නියමිතව තිබුණා.
මෙහිදී චීන සමාගමට වරායෙන් 80% ක් හා ශ්‍රී ලංකාවට වරායෙන් 20% ක් ලෙස කොටස් බෙදීමට නියමිතව තිබුණු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් විසින් මේ සඳහා විරෝධය දැක්වීම නිසා ගිවිසුම් අත්සන් කිරීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

No comments

Powered by Blogger.