“වමනය“ කිලෝ 32ක අයිතිය ඉල්ලා ධීවරයින් සහ නාවික හමුදාව උසාවි යයි..!
මුහුදු ගිය කල්පිටියේ ධීවර පිරිසකට එදා දවස එතරම් සරු නොවූ නිසා ආපසු හැරී ගොඩබිමට ඒමට පටන් ගෙන තිබෙනවා. ආපසු එන අතරේ ධීවරයන්ගේ නෙත ගැටුනේ මුහුදේ පාවෙන කිසියම් දෙයක්‌ය. මුහුදේ පාවෙන කොතෙකුත් දැ ධීවරයන් දැක ඇතත් මේ පළපුරුදු ධීවරයන්ගේ නෙත්වලට මේ පාවෙන්නේ මහා ධනස්කන්ධයක් බව හඳුනා ගැනීමට හැකි විය. ඔවුන් බෝට්‌ටුව ළං කර “පාවෙන ද්‍රව්‍යය” බෝට්‌ටුවට දමාගෙන ඇති අතර සැබැවින්ම ඒ ඔවුන් අනුමාන කළ ද්‍රව්‍යම විය. දැඩි දුඟඳින් යුක්‌ත වුවත් ඒ තල්මසා විසින් පිට කළ “ඇම්බර” බව ඔවුහු හඳුනා ගත්හ.
ගොඩබිමට ගෙනා ඇම්බර තොගය බෝට්ටුවෙන් ගොඩ බා ගෙනයන්නට සැරසුන විට, කල්පිටිය නාවික හමුදා කණ්ඩායමක් පැමිණ ඒවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව පොලිසිය මාර්ගයෙන් ඇම්බර තොගය ද, ධීවර පිරිස්‌ද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
නාවික හමුදා පිරිසේ තර්කය වූයේ රජය සතු විය යුතු මෙම ද්‍රව්‍යය අන්සතුව පැවතීම නිසා තමන් ඒවාද, පිරිසද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එනිසා ඒවා රජය සතු කරන්නැයි ඔවුහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එසේ වුවද ධීවර බෝට්‌ටු හිමියාද ඇම්බර සොයා ගත් ධීවර පිරිසද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පිරිසද පවසන්නේ මේවා තමන් සන්තක විය යුතු බවයි. මුහුදේ පාවෙන ද්‍රව්‍ය රජයට නොව හමුවන අය සතුවන නිසා ඒවා තමන් වෙත භාරදෙන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
අධිකරණය කීප වතාවක් මෙම නඩුව විභාග කොට අවසානයේදී තීන්දු ගැනීමට ප්‍රථම මෙකී ද්‍රව්‍ය සැබෑ ලෙසම හඳුනා ගැනීමට නාරා ආයතනය වෙත පර්යේෂණ පැවැත්වීමට භාරදීමට නියෝග කරන තිබෙනවා.
කල්පිටියේ ධීවරයින් රැගෙන ආ “ඇම්බර” තොගෙයේ බර කිලෝ ග්‍රෑම් 32ක් පමණ වනබවයි වාර්තා වන්නේ. තල්මසුන්ගේ සිරුරෙන් පිටකරනා අප ද්‍රව්‍යක් වෙනුවෙන් මෙවන් ගැටළුවක් පැණනැග ඇත්තේ මේවායේ කිලෝවක් රුපියල් කෝටියක පමණ මිලකට අළෙවි කළ හැකි නිසාය. ඒ තරමටම මූල්‍ය වටිනාකමක් මෙයට හිමිවී ඇත්තේ මෙම අපද්‍රව්‍යය යොදාගෙන එහි අඩංගු රසායනික සංයුතිය උපයෝගි කොටගෙන ලොව ඉහළම වටිනාකමක් සහිත ඉහළම සුගන්ධයෙන් යුතු සුවඳ විලවුන් ද ඉහළම මිලැති වාජීකරණ ඔසුද තැනීමට භාවිත කරන හෙයිනි. ස්‌වාභාවිකව ඉතා දුලබව හමුවන හෙයින්ද, මුහුදේ දී දිගු කලක් කැඩී බිඳී විනාශ වී, සුළු කොටස් හමුවීම නිසාද එහි වටිනාකම තවත් ඉහළ යයි. ඇතැම් කොටස් සුළු සුළු කොටස්‌වලට කැඩී බිඳී ගොස් ලොව පුරා මුහුදු වෙරළවලට ගසාගෙන අවුත් තිබී ධීවරයනට හමුවෙයි.
මෙම අපද්‍රව්‍යයේ නාමය ලොව ප්‍රචලිත වී ඇත්තේ “ඇම්බර්ග්‍රීස්” (AMBER GRIS) “අළු ඇම්බර” (GREY) හෝ “අන්බර්” (ANBER) නැතිනම් “ඇම්බර්” (AMBER) “ඇම්බර” වශයෙනි. පාවෙන කුට්‌ටි වශයෙන් හෝ වෙරළේ ගසාගෙන ආ සුළු කොටස් වශයෙන් හෝ මියගොස් වෙරළට ගොඩ ගැසූ තල්මසුනගේ අතුණුබන් තුළ තිබී හෝ “ඇම්බර් ගී්‍රස්” ලොව කාට හෝ හමුවනු ඇත. ඇතැම් අය මේ පිළිබඳ දන්නේ නැත. මැණික, කණාගේ පයෙහි හැපුණ ද නොදන්නා සේ බොහෝ දෙනකු නොදනිතත්, අත්දැකීම් සපිරි පැරැණි වැඩිහිටි ධීවරයෝ ද ජාවාරම්කරුවෝද මේවා දුටු පමණින්ම හඳුනන බවයි පැවසෙන්නේ.
දුරාතීතයේ ක්‌ලියෝපැට්‌රා වැනි සුරූපී රැජනන්, ඔගස්‌ටස්, ඩීසර් වැනි ප්‍රතාපවත් රජුන් භාවිත කළැයි ද තවත් බලවන්තයින්, සුරූපීන් භාවිත කළැයි ද පැවසෙන ඇම්බරවලින් නිපැයූ සුවඳ විලවුන් වාජීකරණ ඖෂධ අද දවසේ තවත් නිර්මාණය වෙමින් ඉහළම අගයන් හිමිකරගෙන සිටී.
No comments