Header Ads

එමීර් සෙබළු හයක් ඇෆ්ගනිස්ථානයේදී මරුට.

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් හි සිදුවූ ප්‍රහාරයෙන් තම නිලධාරීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තහවුරු කර තිබේ. 
කන්දහාර් ආණ්ඩුකාරවරයාගේ අමුත්තන්ගේ නිවස අසල සිදුවූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත්, ඒ අතර, කන්දහාර් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා, තවත් ජ්‍යෙෂ්ඨ ඇෆ්ගන් නිලධාරීන් දෙදෙනෙක් හා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සිටින බව කියයි. 
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනා අතර, ආණ්ඩුකාරවරයා මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාද වෙයි. 
ඇෆ්ගනිස්තානය තුළ අඟහරුවාදා සිදුවූ ප්‍රහාර කිහිපයෙන් එකක් ලෙස මෙය සැලකෙයි.
බී.බී.සී ඇසුරෙනි......

No comments

Powered by Blogger.