Header Ads

අම්ලා - ඩුමිනි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තලති.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර, නිව්වොන්ඩරාස්හිදී අද (12 වැනිදා) ආරම්භවූ තුන්වැනි  ටෙස්ට් තරගයේදී හසීම් අම්ලා සහ ජේ.පී. ඩුමිනි එක්ව තෙවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 292 ක සම්බන්ධතාව නිසා පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 338 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියේය.



ලකුණු පුවරුව

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 
ස්ටීවන් කුක් - ක.මු. කළා ප. මැතිව්ස් 10
ඩීන් එල්ගා - ඇ. කරුණාරත්න ප. කුමාර  27
හසිම් අම්ලා - නොදැවී125
ජේ.පී. ඩුමිනි - ඇ. මෙන්ඩිස් ප. කුමාර  155
ඩූවෑන් ඔලිවර් - නොදැවී0
අතිරේක (පා-8, බ-9, නි-1, ව-3)21
එකතුව ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී    338
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ෆෆ් ඩූ ප්ලේසී, ටෙම්බා බවුමා, ක්වින්ටින් ඩී’කොක්, වේන් පානෙල්, වර්නන් ෆිලැන්ඩර්, කගිසෝ රබාඩා.
කඩුලු වැටීම 
1-45 (කුක්), 2-45 (එල්ගා), 3-337 (ඩුමිනි)
පන්දු යැවීම
සුරංග ලක්මාල්20-3-70-0 
නුවන් ප්‍රදීප් 18-4-58-0ව-2
ඇන්ජලෝ මැතිව්ස් 12-4-25-1නි-1
ලහිරු කුමාර 18-1-79-2ව-1
රංගන හේරත්14-0-67-0 
ධනංජය ද සිල්වා 8-1-22-0 

No comments

Powered by Blogger.