ළඟදීම කැබිනට් සංශෝධනයක් !
විදේශ සංචාරයක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඇමැති මණ්‌ඩලයේ වෙනස්‌කම් කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලයේදී මත භේදයට තුඩුදුන් ප්‍රබල ඇමැතිවරු කිහිප දෙනකුගේම තනතුරු මේ අනුව අහිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මෙම ඇමැති තනතුරුවල වෙනසක් සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ද පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය කාලේ මත භේදයට තුඩු දුන් ඇමැතිවරු ගනු ලැබූ තීරණ නිසා රජය අප්‍රසාදයට පත්ව ජනතාවට ද පීඩාවන්ට මුහුණ පෑමට සිදුවූ බවත් මේ නිසා ඔවුන්ට ආණ්‌ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
No comments