බොලිවුඩ් තිරයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 2017 වසරේ නවතම චිත්‍රපටය ‘රයීස් ’
ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය තව දින දෙකකින් (25/01/2017) තිරගත වීමට නියමිත වන අතර පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ යු – ටියුබ් හරහා මේ වන විට නැරඹුම් මිලියන 41 ඉක්මවා ගොස් ඇත.
පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය අන්තර්ජාලයට නිකුත් කර පැය 20ක් යන්නට මත්තෙන් මිලියන 10කට අධික පිරිසක් එය නරඹා තිබෙන අතර ඉතා කෙටි කාලයකින් අන්තර්ජාලය හරහා වැඩිම පිරිසක් නැරඹු පූර්ව ප්‍රචාරක ඉන්දියානු චිත්‍රපටය ලෙස සිනමා විචාරකයන් මෙය හඳුන්වනු ලබයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ෂාරුක් ඛාන් ප්‍රමුඛ මහිරා ඛාන්, නවාසුදීන් සිදීකී සහ සනී ලියෝන් රඟපානු ලබයි. රාහුල් දොලාකීයා අධ්‍යක්ෂණයෙන් ද රිතෙෂ් සිද්දවානි, ගෞරි ඛාන් සහ ෆරහන් අක්තාර් නිෂ්පාදන දායකත්වය මෙම චිත්‍රපටයට ලබා දී ඇත.
එගි පූර්ව ප්‍රචාරක පටය පහතින්
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.
උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.
No comments