Header Ads

බොලිවුඩයේ සුපිරි තරුව ප්‍රියංකාගේ BEAUTY SECRETS ලොවටම හෙළිවෙයි

2000 වසරේදී ලෝක රූ රැජන කිරුළ දිනාගත් ප්‍රියංකා චොප්රා අද වන විට බොලිවුඩයේ ආකර්ෂණීයම තරුවක්. ප්‍රියංකාට හින්දි සිනමාවට එන්නට වරම් ලැබුණෙත් ඇගේ සුරූපී බව නිසාමයි.
මේ වන විට ඇය සාර්ථක බොලිවුඩ් නිළියක් පමණක් නොව හොලිවුඩයටද පා තැබූ දක්ෂ නිළියක් වී හමාරයි.
බටහිර ගීත ගායනයටද පිවිසෙමින් බටහිර ගීත දර්ශකවල රසික ප්‍රතිචාරයෙන් ඉහළටම එන්නට තරම් සමත් විය. මේ සියල්ලටම ඇයට අවස්ථාව හිමිවූයේ සුරූපී බව නිසා බව නම් නොරහසක්.
කෙටි කාලයකින් මෙතරම් සාර්ථක ගමනක් පැමිණි ප්‍රියංකා මේ වනවිට 33 වන වියේ පසුවුණත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් නැහැ. ඇගේ සුන්දරත්වයේ රහස් කිහිපයක් ඔබට ගෙන එන්නයි මේ සූදානම.
ප්‍රියංකාගේ ආකර්ෂණීය කොණ්ඩා විලාසිතා බොලිවුඩයේ හරිම ජනප්‍රියයි. නිතරම අලුත් කොණ්ඩා විලාසිතා අත්හදා බලන ප්‍රියංකා ඇගේ කේශ කල්‍යාණයේ නිරෝගී බව හා ආකර්ෂණීය බව වැඩි කර ගන්නට සත්කාර කරන්නේ මේ විදියටයි.
ප්‍රියංකා ඇගේ කෙස් කලඹට මඳක් රත්වූ තෙල් යොදා සතියකට තුන්වරක්වත් හොඳින් සම්බාහනය කරයි. නිතර කෘත්‍රිම ආලේපන, වර්ණක හා වෙනත් ද්‍රව්‍යයන් කොණ්ඩයට යෙදීම නිසා ඇතිවන දුර්වලතා මඟහරවා ගැනීමට මෙම තෙල් සාත්තුව කදිම පිළියමක් බව ඇගේ විශ්වාසයයි.
කෙස් ගසට වන හානි වළක්වා කෙස්ගස් ගැලවී යෑම පාලනය කරමින් නිරෝගී කෙස් කලඹක් හිමිකර ගන්නට ඔබටත් මේ සත්කාරය අත්හදා බලන්නට හැකියි.
වයස අවුරුදු 33ක් වුවත් ප්‍රියංකා තවමත් පැහැදිලි නිරෝගී ඡවි කල්‍යාණයකට හිමිකම් කියන්නේ ඇගේ රූපලාවණ්‍ය සත්කාර නිසයි. නිරෝගී පැහැපත් සම ගැන අවධානය දීමේදී ප්‍රියංකා මුල් තැන දෙන්නේ සමේ තෙතමනයටයි.
ඇය නිතරම කතා වෙන්නේ සමේ තෙතමනය ගැනයි. ඔයාලා නින්දට යන්න කලින් හැම වෙලාවෙම මුහුණ හොඳින් සෝදා පිරිසුදු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම නිතරම ගෙදරදි හදාගන්න ටචජඥ ථචඵඬ එකට යෝගට් හා දෙහි යුෂ මිශ්‍ර කරනවා. දෙහි හා යෝගට් මිශ්‍රණය සමට විතරක් නෙමෙයි කෙස් ගස්වලටත් ගැළපෙන පෝෂණීය සත්කාරයක්.
යෝගට් කෝප්ප බාගයකට දෙහි යුෂ මේස හැඳි 2 ක් මිශ්‍රකර සාදා ගන්නා මිශ්‍රණය කෙස් ගස්වල ආලේප කරන්න. මේ මිශ්‍රණය කෙස් ගසේ මුල සිට අගටම හොඳින් ආලේප කර එය මිනිත්තු 30ක් පමණ තබා හොඳින් ජලයෙන් සෝදා හරින්න. මෙය ෂැම්පු යොදා අවසානයේ හොඳින් සෝදා පිරිසුදු කරන්න. සමේ හා කෙස් ගස්වල තෙතමනය ආරක්ෂා වීමෙන් නිරෝගී දිදුලන බවක් ගෙන දෙන නිසා යෝගට් හා දෙහි යුෂ එයට කදිම පිළියමක්.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.


උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

No comments

Powered by Blogger.