හොරෙන් ගත්ත වෙඩිම... ලීක් වුනේ කොහොම...
මෑතකදී ශ්‍රී ලංකාවේ ද තිරගත වූ ද ලෙජන්ඩ් ඔෆ් ටාසන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ මාගට් රොබී ඔබට මතක ඇති. මේ සුරූපී නිළිය පසුගියදා යුග දිවියට එළඹුණා. ඇගේ අත ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂ ටොම් ඇකර්ලේ.
විවාහ මංගල උත්සවය මහ ඉහළින් පැවැත්වුණත් එයට සහභාගි වූවන්ට භුක්ති විඳීමට ලැබුණේ සාමාන්‍යයෙන් එවැනි උත්සවයකදී සංග්‍රහ නොකරන ආහාර වර්ග දෙකක් පමණයි. එකක් තමයි, පීසා අනෙක කොකෝ පොප්. (දෙවැනියට සඳහන් වන්නේ විශේෂයෙන් ම කුඩා ළමයින්ගේ ධාන්‍යමය ආහාරයක්. චොකලට් මුසුවූ මේ ආහාරය කුඩා බඳුන්වලට දමා සංග්‍රහ කෙරුණා.
මෙවැනි සරල කෑම බීම වලින් සංග්‍රහ කෙරුණේ වියදම අඩු කර ගන්නට නම් නොවෙයි. මාගට් හට වුවමනා වී තිබුණේ සම්ප්‍රදායෙන් බැහැර වූ මංගල උත්සවයක් පවත්වා කාගේත් අවධානය දිනා ගන්නටයි. විවාහ මංගල්‍යයක ප්‍රධාන අංගයක් ලෙස වැජඹෙන මංගල කේක් ගෙඩියත් මෙහි දක්නට ලැබුණේ නැහැ.
ටොම් – මාගට් විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ කූරාබෙල් ප්‍රදේශයේ සයුරු තෙරට ආසන්නයේ පිහිටි හෝටලයකයි.
No comments