Header Ads

දෙවසරක හවුල් පාලනයෙන් ජනතාවට වෙච්ච සෙතක් නැහැ


සිරිසේන - වික්‍රමසිංහ හවුල් පාලනය බලයට විත් වසර දෙකක් සපිරෙන මොහොතේ ජනතාවගේ අනාගතයට කිසිදු සෙතක් සිදු කිරීමට නොහැකි වග ප්‍රායෝගිකව ඔප්පු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පෙන්වා දෙයි.
යූ.එන්.පී.යේ ජානගත ලක්‍ෂණයක් වූ සිය මැර කණ්ඩායම් යොදවා ජනතාව මර්දනය කිරීම හම්බන්තොට උද්ඝෝෂණයේ නිරත වූ ජනතාව සඳහාද යෙදවූ බවත් එම අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරය තම පක්‍ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි.
ආණ්ඩුව බලහත්කාරයෙන් ජනතාවගේ එක බිම් අඟලක් හෝ පැවැරීමට කටයුතු කළහොත් දහස් ගණනක ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් සිටින බවද මන්ත්‍රි විජිත හේරත් පවසයි.
මලික් සමරවික්‍රම කියනවා ජනතාවගේ ඉඩම් වෙනුවෙන් වන්දි ක්‍රමයක් හදනවා කියලා. මහින්ද අමරවීර කියනවා ජනතාවට අයිති ඉඩම් පවරා ගන්නේ නෑ කියලා. ඒ ගමන්ම මලික් සමරවික්‍රමම කියනවා තවම ගිවිසුමකට අස්සන් කරලා නෑ කියලා. අකිල විරාජ් කියනවා ගිවිසුම අස්සන් කරලා කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ වොක්ස් වැගන් ගැන තව පැත්තකින් සුන්දර සිහින මවනවා. මේ මහත්වරු කියන කතා සත පහකට විශ්වාස නැතැයි ඔහු චෝදනා කරයි.
එදා ඉඩම් අක්කර 11,000ක් පවරපු රාජපක්‍ෂලා අද උද්ඝෝෂණයට ඇවිත් කෑ ගහනවා. මේකෙන් වෙන්නේ සැබෑ සටන දියාරු වෙන එකයි. එදා ජනතාවට පාරට බහින්න බැරි විදිහට සුදු වෑන් එව්වා. මේ ආණ්ඩුව පටන් ගත්තා විතරයි. තව අවුරුදු තුන හතරක් යද්දී ඒ දරුණු තැනට මේ ආණ්ඩුවත් පත්වෙනවා නොඅනුමාන යැයිද ඒ මහතා පැවැසුවේ ඊයේ (8දා) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මන්ත්‍රිවරයා මේ බවද කීය.

රට තුළ මහා සංවර්ධනයක් ඇති කරනවා කියපු කතාව අද පුස්සක් වෙලා. ගෙවුණ වසර දෙක තුළ ආපහු හැරිලා බැලුවම මේ හවුල් ආණ්ඩුව ජනතාවගේ අනාගතයට සුගති ශාන්තියක් කරන්න බෑ කියලා වගේම එය ඉදිරියට කළ නොහැකි බවත් ප්‍රායෝගිකව ඔප්පු කරලා කියනවා. මේ පීඩාකාරී ආර්ථිකයට එරෙහිව ජනතාව දිනෙන් දින පෙළ ගැහෙනවා. ඒක නවත්තන්න පුළුවන්කමක් නෑ.
මහින්ද රාජපක්‍ෂ කිව්වා ඔහුගේ කාලේ ඉඩම් අක්කර 750ක් මිරිජ්ජවිලින් පවරා ගත්තා කියලා. නාමල් රාජපක්‍ෂ මාධ්‍යට කියලා තිබුණා ඒ කාලෙම ඉඩම් අක්කර 11,000ක් පවරාගෙන තියෙනවා කියලා. මේ ආණ්ඩුව දැන් තවත් අක්කර 15,000ක් පවරා ගන්න යනවා. හම්බන්තොට වරායත් විකුණන්න යනවා.
මව්බිම

No comments

Powered by Blogger.