Header Ads

විමල් වීරවංශ රිමාන්ඩ්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු දෙදෙනෙකු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ, ඔවුන් අද කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සමන්ත ලොකුහැන්නදී මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ අනෙක් තැනත්තා වේ.
අද දහවල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.
ඒ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

No comments

Powered by Blogger.