2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!
2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරන අවස්ථාවේදී අගමැති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරන්නැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කිරීමට සුදානමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
එම ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව පවසන විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බව 'බීබීසී සංදේශය'ට ප්‍රකාශ කර තිබිණ.
'ගෝඨා' ගමින් ගමට !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ සුළු ජාතිකයින්ගේ විශ්වාසය දිනා ගනිමින් සිටියදී, බහුතරයක් වන සිංහල බෞද්ධයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා, සිරිසේන මහතාගේ එම ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිය යුතු බව ඔහුව අගමැති කිරීමට යෝජනා කරන ඇමතිවරුන්ගේ අදහස වී ඇත.
මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් සිරස රූපවාහිනිය විශේෂ වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කිරීමට ද මේ වන විට සැලසුම් කර තිබේ.
19 වන සංශෝධනය !
මේ සම්බන්ධයෙන්කල විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රීලනිප තරුණ ඇමතිවරයකු පැවසුයේ 19 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කොන්දේසි මත ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට කිසිඳු අවකාශයක් නොමැති බවයි.
එහෙයින් ඔහුව අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ හැකියාවක් නැතැයි එම ඇමතිවරයා කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයකු පැවසුයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බැවින් ඔහුට පාර්ලිමේන්තුවට පත්වීමේ බාධාවක් නොමැති බවයි.
මෛත්‍රීගේ ස්ථාවරය ?
කෙසේවුවද පසුගිය දා තමා සමග සාකච්ජාවකට පැමිණි එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් කිසිඳු රාජපක්ෂ කෙනෙකු සමග ආණ්ඩු කිරීමට තමාගේ සුදානමක් නොමැති බවයි.
ශ්‍රී ලංකා මිරර්
සබැඳි පුවත් -
No comments