රාජකීයට හොරට ඇතුළු කළ සිසුන් 31ක් ඉවතට
රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත එම සිසුන් 147 දෙනකු සම්බන්ධව කළ ස්ථානීය පරීක්ෂණවල දී ඉන් සිසුන් 31 ක්ම ඇතුළත් කර ඇත්තේ වංචනික ලෙසින් බව හෙළිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ඒ අනුව පරීක්ෂණ සිදුකර ඉන් සමත්වූ සිසුන් ලබන සදුදා සිට ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් පරීක්ෂණ මෙතෙක් සිදු නොකළ සිසුන් ද ඊට සමගාමීව ඉදිරි දිනවලදී ඇතුලත් කර ගැනීමට කටයුතු කරන බවත් ඊයේ(12) සිරිකොත පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පැවැසීය.
සඳුදා සිට බඳවා ගනු ලබන්නේ වංචනික ක්‍රියාවලින් තොරව නිසි ක්‍රමවේදයට ඇතුළත් කිරීම් කළ සිසුන් පමණක් බව කී ඇමැතිවරයා වංචනික ලෙස ඇතුළත් කිරීමට උත්සාහ කළ සිසුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලබාදෙන පාසල්වලට ඇතුළත් කිරීමට සිදුවන බව ද පැවසීය.
රථ ගාලක, මුරකුටි, පල්ලි, ව්‍යාපාරික ස්ථාන, තානාපති කාර්යාල, ඉදිවෙමින් පවතින ගොඩනැගිලි මෙන්ම පදිංචියට කිසිසේත් සුදුසු නැති ස්ථානවල ලිපින යොදා ඇතැමුන් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ ගෙන ඇති බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.
මේ ආකාරයට ජනප්‍රිය පාසල් කිහිපයක් සම්බන්ධයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත් ඉදිරියේදී ඒවා සම්බන්ධයෙන්ද පර්යේෂණ පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
No comments