Header Ads

සහල් මාෆියාවේ තවත් හෙළිදරව් කිරීමක් දඹුල්ලේදී

සහල් මාෆියාව සම්බන්ධ සියලුම ලිකිත සාක්ෂි සහිතව ලබන 16 වනදා දඹුල්ලේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
මෙම අවස්ථාවට එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ද එක් වීමට නියමිත බවද ඒ මහතා පැවසීය. 
සහල් මාෆියාව සම්බන්ධ කරුණු තමන් සතුව ඇති බවත් එය හෙළිදරව් කිරීමෙන් පසු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන ලෙසත් නාමල් කරුණාරත්න මහතා අමාත්‍ය පී. හරිසන් මහතාට අනතුරු ඇඟවීය.

No comments

Powered by Blogger.