ආණ්ඩුවේ ලොක්කෙක් කෝටි 307ක හාල් නැවක් ගිලලා !
ලංකා සතොස මගින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙට්රික් ටොන් 29,239ක් 2015 නොවැම්බර් අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙලිවී ඇත.
මෙසේ අතුරුදහන් හාල් තොගයේ වටිනාකම කෝටි 307ක් බවද වාර්තා වේ.
මේ හාල් කිලෝවක පිරිවැය රුපියල් 105 ක් පමණ වූ බවද පැවසේ.
නාඩු කිලෝවක් එතරම් විශාල මිලක් ගෙන තිබුණේ වරාය ගාස්තු, ගබඩා ගාස්තු, විදුලිය, සේවක වැටුප් හා බැංකු ණය ගැනීම නිසා සිදුවූ පොලී ගෙවීම් නිසා බවද වාර්තා වේ.
මේ හාල් තොගය අතුරුදහන් ව ඇත්තේ වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත්වීමෙන් තුන් මසකට පසුවය. එය 2015 අගෝස්තු මාසයේදී අතුරුදහන්ව ඇති බවට විශ්වාස කෙරේ.
මූලාශය - ඉරිදා ලංකා
No comments