Header Ads

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියළු කරුණු 24 දා එළියට !

බැඳුම්කර වංචා සිද්ධියට අදාළ සියලුම කරුණු ලබන 24 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී හෙළිකරන බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෙම බැඳුම්කර සිද්ධිය නිසා අවභාවිත වී තිබෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් බවත්, මේ නිසා එයට පක්ෂව දේශපාලනඥයන්ට කටයුතු කළ නොහැකි බවත් පවසන අමාත්‍යවරයා, එසේ පක්ෂව කටයුතු කරන්නේ නම් ඔවුන්ද සිද්ධියේ කොටස්කරුවන් වන බව පෙන්වා දෙයි.
බැඳුම්කර සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනා මඩේ තව තවත් එරෙන බවත්, මෙම සිද්ධියට සම්බන්ධ පිරිස්වලට දඬුවම් ලබාදෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම සටන ගෙනයන බව අමාත්‍යවරයා පවසයි. මෙම සිද්ධියට සම්බන්ධ කිසිවෙකුටත් ඉන් ගැලවී යා නොහැකි බවත්, ඔවුන් සියලු දෙනාටම දඬුවම් ලැබිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

No comments

Powered by Blogger.