රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් ගිණුම් 16ක් අත්හිටුවයි.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් ගිණුම් 16ක් අත්හිටුවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
මෙම මුදල් තැන්පත් කර ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු දෙකකයි.
එම ගිණුම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වු පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් මගින් අද අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාග වන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී උදයංග වීරතුංග මහතා අයුතු ලෙස මැදිහත් වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
No comments