Header Ads

‘රට බෙදන්න ආවොත් හෙදියො දස දහසක් කොළඹට‘

‘‘මේ ආණ්ඩුව රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ලහි ලහියේ සූදානම් වෙනවා. එවැනි දෙයක් කළොත් රට පුරා මහා වර්ජනයක් ක්‍රියාත්මක කර ආණ්ඩුව පරාජය කරන්නට පසුබට වන්නේ නැහැ.‘‘ යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  අද (29) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

රට බෙදන ව්‍යවස්ථාවකට විරෝධය දැක්වීම සඳහා හෙද නිලධාරීන් දස දහසක් ගෙනවිත් පාර්ලිමේන්තුව ඉදිරිපිට අරගලයක නිරත වන බවද එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

එක්සත් ජාතික පක්ෂ රාජ්‍යක් බලයට පත්වූ හැම විටම රට විනාශය කරා ගෙන ගිය බවද එම තත්ත්වය නතර කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද   ආනන්ද හිමියෝ පැවසූහ.

No comments

Powered by Blogger.