ස්මිත් ඕස්ට්‍රේලියාව ඉදිරියට ගෙනයයි.
පාකිස්තානයට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් බලාපොරොත්තු සහගතව සිටියේ නම් ඒ සියල්ලම සැඩ සුළඟේ යැවූ කුණාටුව හමා ඒමට පෙර ඉතාමත් තැන්පත් ලීලාවෙන් ශතකයක් ලබාගත් ඕස්ටේ්රලියානු නායකයා පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 22 ක් ඉදිරියට තම පිල කැඳවාගෙන ගියේය. තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) තේ පානයට ස්වල්ප වේලාවකට පෙර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල සය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 465 ක් ලබා සිටියේය.
මෙය ස්ටීවන් ස්මිත්ගේ 17 වැනි ටෙස්ට් ශතකය වන අතර ඒ වෙනුවෙන් පන්දු 168 කට මුහුණ දුන් ඕස්ටේ්රලියානු නායකයා හතරේ පහර 9 කින් එය සැරසීය.පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල වෙනුවෙන් අසාර් අලි (නොදැවී 205) ලබාගත් ද්විත්ව ශතකය හේතුවෙන් සංචාරකයෝ සිය මුල් ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 443 ක් ලබාගත්හ. ඊයේ සහ අද පෙරවරුවේදී හිරු රැසින් නැහැවෙමින් තිබුණු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද පස්වරුවේදී ඇද හැළුණු වර්ෂාවෙන් පසුව තෙතබරි වී තිබිණ.
තරගයේ අවසන් දිනය වන හෙට (සිකුරාදා) දීප්තිමත් කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ අනාවැකි වලින් කියැවෙන නමුත් පාකිස්තානුවන් පීඩනයට පත්කළ හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඕස්ටේ්රලියාවට කාලය මඳ වී තිබේ. මේ වන විටත් පළමු ටෙස්ට් තරගය ජයගෙන සිටින ඕස්ටේ්රලියානුවන්ගේ අපේක්ෂාව වන්නේ තරග 3 කින් සමන්විත තරගාවලියේ කල්වේලා ඇතිවම 2-0 ක ජයක් ලබාගැනීමයි.
“මේ වැස්ස නම් අපිට කිසිම ආකාරයකින් උදව් කළේ නෑ. දැන් තියෙන්නේ හෙට උදේ තත්ත්වය බලලා එන විදිහට සෙල්ලම් කරන්නයි”
“තණතීරුවේ වුණත් එහෙමට කියන්න කැඩීමක් පෙනෙන්න නෑ. ඒකේ තවමත් ලකුණු තියෙනවා. ඒ නිසා මේ තරගයේ තීරණයක් ලබාගැනීම ලේසි පාසු දෙයක් නෙමේ” යයි ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය.
ස්ටීවන් ස්මිත් අද දිනයේදී මෙම වසරට ලබාගත් 1000 වැනි ටෙස්ට් ලකුණද සිය ලකුණු මල්ලට එකතු කරගත්තේය.
ඕස්ටේ්රලියානුවන් කඩුලු 5 කට ලකුණු 447 ක් ලබා සිටියදී තරගය පාකිස්තානුවන්ගෙන් ලෙස්සා යමින් තිබිණ. එම අවස්ථාවේදී යසීර් ෂා හමුවේ මැතිව් වේඞ් ගැසූ දැඩි පහරකින් නික්ම ගිය පන්දුව ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි අසාර් අලිගේ හිස් ආවරණයේ වැදිණ. දැඩි වේදනාව නිසා එසැණින් බිම ඇද වැටුණු අසාර් අලි මඳ වේලාවකට පසුව ක්‍රීඩාගාරයට ගියද හෙට දිනයේදී පන්දු රැකීමට පිටියට පිවිසෙන බව පාකිස්තානු කණ්ඩායම් ආරංචි මාර්ග වලින් කියැවේ.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 9 ට 443
(අසාර් අලි නොදැවී 205, බාබර් අසාම් 23, යුනිස් ඛාන් 21, මිස්බා උල් හක් 11, අසාඞ් ශෆීක් 50, සර්ෆ්රාස් අහමඞ් 10, මොහොමඞ් අමීර් 29, සොහේල් ඛාන් 65, ජොස් හේසල්වුඞ් 50/3, ජැක්සන් බර්ඞ් 113/3)
ඕස්ටේ්රලියාව - පළමු ඉනිම කඩුලු 6 ට 465
(මැතිව් රැන්ෂෝ 10, ඬේවිඞ් වෝනර් 144, උස්මන් කවාජා 97, ස්ටීවන් ස්මිත් නොදැවී 100, පීටර් හැන්ස්කොම්බ් 54, නික් මැඩින්සන් 22, සොහේල් ඛාන් 86/2, යසීර් ෂා 150/2, වහාබ් රියාස් 135/2)
මේ පුවත පිලිබඳ ඔබේ අදසත් එකතුකරන්න.
මේ පුවත පිලිබඳ ඔබේ අදසත් එකතුකරන්න.
No comments