Header Ads

තෙල් සංස්ථා නිලධාරීන්ට ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරික්ෂා කිරීමට ඉන්දීය නිළධාරින් ඉඩ නොදේ.


ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේ පිහිටි ඉන්ධන සංකීර්ණයට ගිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එහි කොටසක හිමිකාරිත්ව දරණ ඉන්දීය තෙල් සමාගමේ සේවකයින් බාධා කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකාරවරයෙක් ඇතුළු නිලධාරීන් පිරිසක් අද ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි නිරීක්ෂණය සඳහා ගියහ.
එහෙත්, එහිදී ඉන්දීය තෙල් සමාගමේ නිලධාරීන් හා සේවකයින් ඔවුන්ට ඊට ඇතුළු වීමට අවසර දී නොමැත.
2002 වසරේදී ඇති කර ගත් ගිවිසුමකට අනුව මෙහි ඇති තෙල් ටැංකිවලින් 15ක හිමිකාරිත්වය ඉන්දීය සමාගම සතු ය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් අද එහි ගියේ, සෙසු තෙල් ටැංකි 85 පිළිබඳව සොයා බැලීමට ය.
එහිදී ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම නිලධාරීන් පැය භාගයකට ආසන්න කාලයක් එහි රඳවාගෙන සිට ඇතැයි අප වාර්තාකරු පැවසී ය.
පසුව චීන වරායේ පොලිස් නිලධාරීන් මැදිහත්ව ඔවුන් පිටතට ගෙන තිබේ. 

මේ පුවත පිලිබඳ ඔබේ අදහසත් ඇතුලත් කරන්න...

No comments

Powered by Blogger.