ෆේස්බුක් ගිණුම් 1500 ක් අවලංගු කෙරේ
වසරේ ගත වූ කාලය තුළ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 1500 ක් පමණ අවලංගු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා
පැවසුවේ, ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් ලද පැමිණිලි ෆේස්බුක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ය.අනතුරුව ෆේස්බුක් ආයතනය මගින් අදාළ ව්‍යාජ ගිණුම් අවලංගු කිරීමට පියවර ගනු ඇති බව ඔහු සඳහන් කළේ ය.
රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, වසරේ ගත වූ කාලය තුළ අන්තර්ජාල සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 1800 ක් පමණ ලැබී තිබූ බව ය.
ඉන් වැඩි ම පැමිණිලි සංඛ්‍යාව ෆේස්බුක් ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ද චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ ය.
යම් අයෙකු ඔබගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව ෆේස්බුක් වෙත පැමිණිලි කිරීමට ඔබට අවස්ථාව පවතින බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
011 2 691 692 දුරකතන අංකය වෙත අන්තර්ජාල සිද්ධි සම්බන්ධයෙන් වන පැමිණිලි යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments