Header Ads

ලංසාගේ කුඩු බිස්නස් හෙලිකල රන්ජන්ට නඩු


රංජන් රාමනායක විසින් පසුගිය කාලයේ සිදුකරනලද ප්‍රකාශ තුලින් නිමල් ලන්සා ගේ කුඩු ජාවාරම පිලිබඳ බොහෝ කරුණු සමාජගත විය. 


මේ හේතුවෙන්
එය වසාදැමීම සඳහා තම දේශපාලන චරිතයට, කීර්තිනාමයට අපහාසයක්‌ වන අයුරින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අසත්‍ය ප්‍රකාශ කර ඇති ඇති බව පවසමින් රන්ජන් රාමනායක ගෙන් කෝටි 100 ක් ඉල්ලා නඩු පවරා තිබේ. 

මීගමුව දිසා අධිකරණය හමුවේ නඩු අංක එම්/1495/14 යටතේ මෙම නඩුව නිමල් ලන්සා විසින් පවරා තිබේ. 


අගෝස්තු මාසයේ සිට සැලසුම්කොට නඩු පවරා එයට විශාල ප්‍රසිද්ධියක් ලබාදීම නිමල් ලංසාගේ අරමුණ වී තිබේ. එහිදී මාධ්‍යය හමුවේ සිය දුෂ්කර ජීවිතය ජයගෙන මීගමුව සුරපරයක් කල ආකාරය පහදා තිබුනේ මෙසේය. 

"මෙම නඩුව 2014 දෙසැම්බර් මස 15 වැනිදා අධිකරණය හමුවේ කැඳවනවා. එම නඩු විභාගයට මුහුණුදීමට පැමිණෙන රංජන් රාමනායක මහතාව පිළිගැනීමට මීගමුව ජනතාව ඉතා ආදරයෙන් සමාදරයෙන් බලාගෙන සිටිනවා. රංජන් රාමනායක මහතාට බොරුවට ගුටිකන එක බොරුවට පහර දෙන එක, බොරු කීම හොඳට හුරුයි. එය ඔහුගේ නළු වෘත්තියේ අංගයක්‌. එහෙත් ඔහු දේශපාලනයේදී ප්‍රතිsවිරුද්ධ දේශපාලනඥයන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම නොකළ යුතුයි. ඔහුගේ චෝදනා සත්‍යනම් අධිකරණය හමුවට පැමිණ ඒවා ඔප්පුකොට මහජනයාට පැහැදිලි කර දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

මම මීගමුව පුරපති පදවිය දරන කාලයේ ජනතා සේවයට කැපවුණේ දිනපතා අලුයම 3 1/2 ටයි. අලුයම 5 වන විට නගරයේ හැමතැනකම ඇවිද්දා. මීගමුව නගරයේ තිබූ කුණුකඳු සියල්ල නගරයෙන් අතුරුදන්කර නගරය ලස්‌සන නගරයක්‌ බවට පත්කළා."

නිමල් ලන්සා යනු රබර් සෙරෙප්පු දෙකක් දමාගෙන පාපැදියකින් මීගමුවේ සැරිසැරූ පුද්ගලයෙකි. එවන් පුද්ගලයෙකු අද වනවිට ධන කුවේරයෙකු වී සිටින්නේ ඔහුගේ ඇති ව්‍යවසායකත්ව හැකියාව නිසා නොව ඉතා කෙටි කලකින් කළු මුදල් ඉපයීමත් ඒවා නැවත ආයෝජනය කිරීමටත් ලන්සා දක්ෂයෙකු වූ හෙයිනි. 

කුඩු ව්‍යාපාරය යහමින් කරගෙන යාම සඳහා අවශ්‍යය දේශපාලන රැකවරණයද ලංසා සතුවිය. මේවනවිට මීගමුවේ පොදු දේපල බොහෝමයක අයිතිය ඇත්තේ ලන්සාගේ පියා වෙතය. ඒ ඔහුගේ කළු සල්ලිවල ආයෝජන වල ප්‍රතිඵල ලෙසිනි. බීච් පාක් හා ඒ අසල ඇති නිගම්බෝ වෝටර් පාර්ක් කොන්ත්‍රාත් සියල්ල නිමල් ලන්සා විසින් සිය පියාට ලබාදී තිබේ.එමෙන්ම මීගමුව කුරණ කලපුව අසල ලන්සා විසින් ඉදිකරන සුඛෝපභෝගී හෝටලයේ ඇස්තමේන්තුගත වියදම කෝටි 35,000 කි. 

මේ සියල්ල කියවූ ඔබට ලංසා පිලිබඳ එක් පැනයක් පැනනගිනු ඇත. ලංසා මේසා ධනයක් කෙටිකලකින් ඉපයුයේ කෙසේද?

පිළිතුර වන්නේ කළු සල්ලිය. ආණ්ඩුව තුල සිටිමින් කළු සල්ලි ඉපයූ එකම දේශපාලඥයා ලන්සා නොවේ. තවත් බොහෝ පුද්ගලයන් සිටී. රෝහිත අබේගුණවර්ධන කෝටි 45 ක ධනය ඉපයුයේ කෙලෙසදැයි යන්න තවමත් ගැටලුවකි. 


මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.