සබරගමුවේ සිසු සත්‍යග්‍රහයට මැර ප්‍රහාරයක් – සිසුන් 12 ක් රෝහලේ
සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ඉල්ලීම් 3ක් මුල්කරගනිමින් පවත්වාගෙන ගිය සිසු සත්‍යග්‍රහයට ඊයේ රාත්‍රී මැර ප්‍රහාරයක් එල්ල කර ඇත. ශිෂ්‍යයින් සත්‍යග්‍රහයේ නිරත වූ අට්ටාලය ගිනි තබා
කඩු සහ පොලු යොදා ගනිමින් ශිෂ්‍යයන් හට පහර දී ඇති අතර මෙම පහරදීම හේතුවෙන් ශිෂ්‍යයින් 13දෙනෙකු රෝහල්ගත කල අතර 06 දෙනෙකු මේ වනවිටත් බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.මෙම පහරදීම ශිෂ්‍යයන් හා පඹහින්න ගමවාසීන්ද ඉලක්ක කර ගනිමින් සිදුකල අතර ගම්වාසී තරැණයින් දෙදෙනෙකුට, ත්‍රීරෝදරථයකට හා වෙළදසැලකටද පහරදී තිබේ.
කතෘ සටහන -
මීට ටිකදිනකට පෙර පෙර උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානයක පැවසා සිටියේ ඡන්දයක් ලග නැත්නම් සිසු විරොධතා සහ උද්ගෝෂනවලට සලකන්න දන්නවා කියාය. ඡන්දය ඉවරවෙන තෙක්වත් ඉවසන්නට නොහැකිව සැලකූ සැලකිල්ලක් දැයි ජනතාව විමසයි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී සිසු සත්‍යග්‍රහයට එල්ලවූ මැර ප්‍රහාරය අප හෙලාදකිමු.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments