කැරලිකාර බල්ලා මියයයි (PHOTO)
යුරෝපා හවුලේ රටවල ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් 2011 වසරේදී ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත්
ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා එකල ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූයේ රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් තිරිසනෙකුගෙන් නොදකින විශේෂ ලක්ෂණ විදහා දැක්වූ හේතුවෙනි.
අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා, කඳුළුගෑස් ප්‍රහාරයන්ටද ලක්වෙමින් නොබියම ඉදිරියට ගිය ලොවුකානිකොස් ඇතන්ස් වාසීන්ගේ නොමඳ ආදරයට ලක්විය.
මේ හේතුවෙන් වඩාත් කතාබහට ලක්වූ Facebook පිටුවකටද හිමිකම් කී කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බව වාර්තාවේ.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments