ජානිපෙ ගිවිසුම ආණ්ඩුව සමග නොව ශ්‍රීලනිපය සමගයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණ සමග ගිවිසුමකට එළැඹියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම්, ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂවල එකඟතාව තිබිය යුතු බව සඳහන් කළ ඇමැතිවරයා, ජාතික නිදහස් පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ බව සඳහන්කළේ ය.
කෙසේ වුව ද ජාතික නිදහස් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කළ අවබෝධතා ගිවිසුම ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවට ඉදිරිපත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.
No comments