Header Ads

හඳේ ඇත්තටම හිටියේ පිටසක්වල ජීවියෙක්ද?


මීට සති දෙකකට පමණ පෙර අන්තර්ජාලයට එක්වූ වීඩියෝවකින් හෙළිකර තිබුණේ චන්ද්‍රයා මත පිටසක්වල ජීවියෙකු සිටින අයුරු ගූගල් මූන් හි දක්නට ලැබෙන බවයි.



සති දෙකකට පමණ පෙර
ඒ ගැන සොයා බැලූ අපට දැකගන්නට හැකිවුණේ 27°34'26.35" N 19°37'4.75" W නම් ස්ථානයේ මිනිසෙකුගේ හැඩරුවින් යුත් ජායාවක් පෙනෙනා බවයි.



මේ පිළිබඳව අප තවදුරටත් සොයාබැලූ නමුත් එය මිනිස් ජායාරූපයක් නොවන බව අපට හැඟී ගියේ එය චන්ද්‍රයාගේ මතුපිට සිට කිලෝමීටර් 6ක පමණ උසකින් බැලූවිට පමණක් එය මිනිස් රූපයක් ලෙස පෙනෙන නිසාය.


එබැවින් එය විශාල ප්‍රමාණයේ ජායාවකි. ගූගල් ඒර්ත් හි රූලර් එක භාවිතයෙන් එම ජායාවේ දිග මැන බැලූ අපට දැකගන්නට හැකි වුණේ එය දිගින් මීටර් 300කට වඩා විශාල ජායාවක් බවයි.

එබැවින් ඒ චන්ද්‍රයා මත ගමන් කළ පිටසක්වල ජීවියෙකු නාසා කැමරාවකට හසුරුවීමක් නොව යම් දෝෂයක් යැයි සිතා ඒ ගැන ලිපියක් පලකිරීම අත් හැර දමා තිබුණි.

නමුත් ලංකාවේ වෙබ් අඩවි කිහිපයක්ම එය පිටසක්වල ජීවියෙකු ලෙස හඳුන්වා දී තිබූ නිසාත්, අද දින මව්බිම පුවත්පතේ මුල්පිටුවේ ලිපියකින් එය පිටසක්වල ජීවියෙකු ලෙස හඳුන්වා සාවද්‍ය පුවතක් පලකර ඇති නිසා ඒ පිළිබඳව ලිපියක් පලකිරීමට අප තීරණය කරන ලදි.

"නවතම වීඩියෝපටය හේතුවෙන් සඳ මත ජීවීන් හා ජීවීන්ට සුදුසු උෂ්ණත්වයක් තිබෙන බවට සැකයක් මතුවී ඇති බවට නාසා ආයතනය ප්‍රකාශ කරයි. මාස 7කට පෙර සිට කරන පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස මෙම වීඩියෝව නාසා ආයතනයට ලැබුණු බවද ඔවුහු පවසති. මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීම නාසා ආයතනය සඳ පිළිබඳව කළ පරීක්ෂණ වල විශාල ජයග්‍රහණයක් බවද අනාවරණය වේ." යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

මව්බිම පුවත්පතේ මුල් පිටුවේ පලවූ එම ලිපිය පහතින්.

ගූගල් ඒර්ත් බොහෝ දෙනාට පුරුදු දෙයක් වුවද Google Moon හා Google Mars බොහෝ දෙනාට පුරුදු නැත. ඒ සඳහා අමතර මෘදුකාංගයක් පරිගනකයේ ස්ථාපනය කරගත යුතු නොවන අතර ගූගල් ඒර්ත් වලින්ම ඒවාද නැරඹිය හැකිය.

Google Earth හි ඉහල ඇති "ග්‍රහලෝකයක හැඩය" මත ක්ලික් කර පහත අයුරින් ගූගල් මූන් වෙත පිවිසිය හැකිය.

මේ පිළිබඳව මුලින්ම අන්තර්ජාලයට තොරතුරු මුදා හැර තිබුණේ wowforreeel නම් පුද්ගලයා විසින් යූටියුබ් වීඩියෝවක් හරහාය. එම වීඩියෝවට පහතින්. 

බොහෝ වෙබ් අඩවි වල සඳහන් වන්නේ 27°34'26.35" N 19°37'4.75" W නම් ස්ථානයේ පිහිටි එම ජායාව ගැන පමණි. නමුත් මේ පිළිබඳව සොයාබැලූ අපට දැකගත හැකි වුණේ එම ස්ථානයේ පමණක් නොව 27°46'00.47" N 12°51'50.41" W යන ස්ථානයේද එම ආකාරයේම ජායාවක් පවතින බවයි.

ගූගල් මූන් ඕපන් කරගැනීමෙන් පසු වම් පස ඉහල ඇති Search කොටුවේ 27°34'26.35" N 19°37'4.75" W හෝ 7°46'00.47" N 12°51'50.41" W කොපි පේස්ට් කර එන්ටර් කිරීමෙන් එම ස්ථානයන් ට පහසුවෙන් ගමන් කළ හැකිය.

චන්ද්‍රයා මතුපිට සිට 5Km පමණ උසකදී 27°46'00.47" N 12°51'50.41" W හි මිනිස් රුවක් ලෙස පෙනෙනා ස්ථානය පහතින්. 


27°34'26.35" N 19°37'4.75" W හි මිනිස් රුවක් ලෙස පෙනෙනා ස්ථානය පහතින්.

ගූගල් මූන් නිපදවා ඇත්තේ 1971 හා 1972 වසරේදී අඟහරු තරණයට යැවූ ඇපලෝ 15 හා ඇපලෝ 17 යානා මඟින් ගත් ඇනලොග් ජායාරූප මඟිනි. එම කාලයේ ඩිජිටල් ජායාරූප නොතිබූ නිසා ජායාරූප ගෙන ඇත්තේ දල සේයාපට භාවිතයෙනි LRO හෙවත් Lunar Renaissance Orbiter mission ආයතනය පවසන්නේ එලෙස ජායාවක් තිබී ඇත්තේ චන්ද්‍රයාගේ ගත් ජායාරූප වල නෙගටිව් එක සීරීමෙන් හෝ දූවිලි නිසා හෝ බවයි.  එමෙන්ම එම ස්ථානයේ නවතම ජායාරූපයන්ගි එලෙස කිසිදු සලකුණක් දක්නට නොලැබෙන බවද ඔවුන් පවසයි. එම ස්ථානයේ නවතම ජායාරූපයක් පහතින්. 


ගූගල් ඒර්ත් හි රූලර් එක මඟින් එම ජායාවේ දිග මීටර් 300කට වඩා විශාල බව පෙනෙන අයුරු

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.



No comments

Powered by Blogger.