“ලස්සන කරන දොස්තරගේ” ගෙදරත් පරණ බෙහෙත්
රූපලාවණ්‍ය කරන වෛද්‍ය නිමල් ගමගේ මහතාගේ බම්බලපිටියෙහි පෑන් ටවර්හි පිහිටා ඇති සුපිරි නිවසෙහි ද කල් ඉකුත්වූ ඖෂධ වර්ග තිබි සොයාගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් පැවසීය.
තට්ටු නිවාස සංකීර්ණයක් වන පෑන් ටවර්හි හත්වැනි මහලෙහි
මෙම වෛද්‍යවරයාගේ නිවස පිහිටා තිබූ අතර පෙරේදා (14) පස්වරුවේ සිට රාත්‍රිය දක්වා සිදුකළ විශේෂ පරීක්ෂාවකින් පසුව මෙම කල් ඉකුත්වූ ඖෂධ තොග සොයා ගැනීමට හැකිව තිබේ.
මෙම වෛද්‍යවරයාගේ නිවස පිහිටා තිබූ අතර පෙරේදා (14) පස්වරුවේ සිට රාත්‍රිය දක්වා සිදුකළ විශේෂ පරීක්ෂාවකින් පසුව මෙම කල් ඉකුත්වූ ඖෂධ තොග සොයා ගැනීමට හැකිව තිබේ.
බම්බලපිටිය විශාඛා පාරේ පිහිටි වෛද්‍යවරයාගේ රූපලාවණ්‍ය ශල්‍යාගාරයේ හා ඔහුගේ නිවසින් කල් ඉකුත් වූ ඖෂධ හා ප්‍රශ්න සහගත ඖෂධ වර්ග 13ක් පමණ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.රස පරීක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය විශේෂඥයින් සහ පොලිසිය විසින් එම ඖෂධ 13 හි සාම්පල් ද ලබාගෙන තිබේ.
හිතුමනාපේ නිවෙස්වල ඖෂධ වර්ග ගබඩා කර තැබිය නොහැකි නිසා වෛද්‍යවරයාට ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විමර්ශන නිලධාරීහු පවසති.එසේම මෙම වෛද්‍යවරයා සිය රූපලාවණ්‍ය ශල්‍යාගාරයේ සහ එම ශල්‍යාගාරය අසලම කුලියට ලබාගෙන තිබූ කාමර දෙකක තිබූ ඖෂධයන් කිසිදු පිළිවෙළකට ගබඩා කොට නොතිබූ බව ද විමර්ශන නිලධාරීන්ට පෙනීගොස් තිබේ.
සම පැහැපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ගොස් එන්නත් ලබාගත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය පී.ඒ. ප්‍රියංගි මහත්මිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 13 වැනි දා අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍ය නිමල් ගමගේ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
No comments