Header Ads

කිලිනොච්චියේ දමිළ තරුණියන් හමුදාවට

ජාතික සංහිඳියාව වර්ධනය කිරීම සඳහා මෙම දමිළ තරුණියන් මෙසේ යුද හමුදාවට බඳවාගෙන තිබේ. යුද හමුදාව මගින් සිදුකළ විවෘත ආරාධනයකට අනුව මෙම සෙබළියන්
කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයෙන් යුද හමුදාවට එක්‌ වී ඇත.



එල්. ටී.ටී.ඊ. යේ සිහින ඊළාම් රාජ්‍ය ලෙස හැඳින්වූ කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයෙන් මෙසේ යුද හමුදාව වෙත දමිළ තරුණියන් එක්‌ වීම තුළින් යුද හමුදාව දමිළ වැසියන් සමග පවත්නා සහ සම්බන්ධතාවය පෙනී යන බව ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර සිටී.



මෙසේ යුද හමුදාවට එක්‌වූ දමිළ තරුණියන් වෙත ඉංග්‍රීසි සිංහල හා පරිගණක පිළිබඳ විශේෂ පුහුණුවක්‌ද ලබාදී තිබේ. මෙම සෙබළියන් යුද හමුදාවේ ලිපිකාරිණියන් හා සිවිල් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කටයුතු සඳහා අනුයුක්‌ත කිරීමට කටයුතු සලසා ඇත. මෙසේ විසිර ගිය දමිළ තරුණියන් දැක බලා ගැනීම සඳහා සිවිල් ජනතාවද විශාල වශයෙන් පැමිණ තිබිණි.

No comments

Powered by Blogger.