අමිර් ඛාන් නිරුවත් වෙයි - ඉන්දියාව ඇවිලෙයි
චිත‍්‍රපටයක ප‍්‍රචාරක පෝස්ටරයක් සදහා නිරුවතින් පෙනී සිටිම හේතුවෙන් ඉන්දීය සුපිරි නළු අමිර්ඛාන්ට එරෙහිව එල්ලවන විරෝධතා තව දුරටත් උත්සන්න වී තිබෙනවා.
අමිර්ඛාන්ට
විරෝධය දක්වමින් පැවැත්වෙන විරෝධතාවලට දේශපාලඥයින්ද දැන් දැන් එක් වීම විශේෂත්වයක්. ඉන් එක් විරෝධතාවයක් මුම්බායි නුවරදී පැවැත්වුණේ කොංග‍්‍රස් පක්ෂයේ නිති සම්පාදක කි‍්‍රෂ්ණ හෙජ්ඩේගේ සහභාගීත්වයෙන්.අමිර් මෙලෙස නිරුවතින් පොස්ටරයක් සදහා පෙනිසිටියේ එළබෙන දෙසැම්බර් මාසයේ තිරගතවීමට නියමිත රාජ් කුමාර් හිරානිගේ PK චිත‍්‍රපටය සදහායි.
එහිදි ඔහු රඟපාන්නේ පිටසක්වලින් පැමිනෙන පුද්ගලයෙකුගේ චරිතයක්. රේල් පාරක් මත සිටින ඔහු කුඩා රේඩියෝවකින් සිය නිරුවත වසාගෙන සිටින අයුරු අදාල පෝස්ටරයේ දැක්වෙනවා.
ඊට විරෝධතාව පළ කරන පිරිස් පවසන්නේ අමිර්ඛාන් යනු ඉන්දියාවෙි බාල මහලු සියලු දෙනාගේම ආදාරය දිනාගත් කෙනෙකු බැවින් මෙවැනි නිරූපනයක් කිරීම කිසිසේත්ම නොගැලපෙන බවයි. වහාම පෝස්ටරය ඉවත් කර ගන්නා ලෙසට ද චිත‍්‍රපට නිෂ්පාදක කණ්ඩායමට විවිධ බලපෑම්ද එල්ල වෙමින් තිබෙනවා.

No comments