හුලං නැති හඳේ ඇමරිකානු කොඩිය ලෙල දෙන්නේ කොහොමද ?
ඇමරිකානු නාසා ආයතනය විසින් දියත් කළ ඇපොලෝ වැඩසටහන් විසින් සඳ මතට මිනිසුන් රැගෙන ගියේද යන්න පිළිබඳව ඇමරිකානුවන් 6-20% අතර ප‍්‍රමාණයක් තවමත් සැක පහළ කරන බව අනාවරණය වී තිබේ.
සඳ මත පා තැබීම අවස්ථාවේ ගත්
ඉහළ විසර්ජන තත්වයේ ඡයාරූප පවා ප‍්‍රසිද්ධ කර ඇති අවස්ථාවකදී මෙලෙස සැක පහළ කිරීම සඳහා සඳ ගමන කුමන්ත‍්‍රණයක් බව පවසන න්‍යායවේදීන් විසින් දැවැන්ත කර්තව්‍යයක් කර ඇති බව පැවසේ.ඔවුන් අතරින් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඞ්වින් ඕල්ඩි‍්‍රන් සඳ මත පා නොතැබූ බවට වන සාක්ෂි නාසා ආයතනය විසින් විනාශ කළ අතර සත්‍යය හෙළි නොකර සිටීමට ඔවුන් දෙදෙනාව එකග කරගත් බවයි.
පසුගියදා නීල් ආම්ස්ට්‍රෝන් මිය ගිය අවස්ථාවේදීද බොහෝ දෙනෙක් මෙම සැකය ඉදිරිපත් කරන ලදී. මාධ්‍යවේදිනි සමර් ඈන් බර්ටන් පවසන්නේ ඔවුන් විසින් ඉතිරි කළ පියසටහන්, ඇමරිකානු ධජය තවමත් සඳ මත ඇතිවිටදී මෙලෙස සැක කිරීම පුදුම සහගත ක‍්‍රියාවක් බවයි.
සඳ මත වාතය නැති විටකදී ඇමරිකානු ධජය ලෙලදෙන්නේ කෙසේද, ඡයාරූපවල තරු නැත්තේ ඇයි, ඡයාරූප වල කොටු දැලට මෙපිටින් වස්තු පිහිටා තිබීම වෙනස් දිශාවලට සෙවණැලි වැටී තිබීම ආදී ප‍්‍රශ්න බහුතරයක් සැකකරන්නන් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒවාට පිළිගත හැකි පිළිතුරුද දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කළ බව බර්ටන් පවසා ඇත.
No comments