වටරැක විජිත හිමිගේ ලිංගයේ කොටසක් කපා දමයි!
ජාතික බල සේනාවේ නායක මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් පසුගිය ජුනි මාසයේ 19 වනදා පැහැරගෙන ගොස් අත් පා බැඳ
බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල පාලම අසල තිබියදී පොලීසියට විසින් සොයාගත් අතර පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙලිවුයේ එය හිමිනම විසින් සිදුකරන ලද රඟපෑමක් බවයි. එම පැහැරගැනීම සිදුකල බව පෙන්වීම සඳහා උන්වහන්සේ විසින් ලිංගයේ පෙර කොටස තුවාලකොටගෙන තිබුණි. කලක් ගත වෙද්දී එම තුවාල පැසවා ඇති අතර ඉන් අසනීප වූ වටරැක විජිත හිමි හලාවත රෝහලට ඇතුළත්කොට තිබේ.
වටරැක විජිත හිමිට ශල්‍යකර්මයක් සිදුකොට ඇති අතර ඉන් එම සැත්කමෙන් උන්වහන්සේගේ ලිංගයෙන් කොටසක් ඉවත්කොට තිබේ.
සැත්කමෙන් පසු අදහස් දක්වන වටරැක විජිත හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.
ඔපරේෂන් එකක් කළා..මීට වඩා හොඳයි මාව කෑලි කෑලි කරලා මරලා දැම්මනම්...දෙයියනේ..බන්ධනාගාරයේදී බේත් දැම්මා..එකෙන් වැඩි උනා..ඊට පස්සේ පෞද්ගලික රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩි උනා...ඉන් පස්සේ තමයි මේ ඔක්කොම නරක උනේ...
අම්මේ...අයියෝ...මම කුරා කුම්බියෙකුටවත් වරදක් කරලා නැහැ..මම හැමදාම කිව්වේ මේ රටේ සාමය සමගිය තියෙන්න ඕන කියලා...අව්රුද්දක් තිස්සේ බොදුබල සේනාව මට කරදර කරනවා..ගහලා ගහලා මරලා දැම්මේ නැති එක විතරයි..
තවත් ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම ටික විතරයි..අයියෝ...මම ප්‍රාදේශීය සභාවේ රැස්වීමට යන්න හිටියේ 19 වෙනිදා...පැහැරගැනීමේ කතාව වෙනස් කරේ පොලිසිය..ඒක පොලිසිය කරේ..
මගේ ජීවිතයේ නින්දා අපහාස කරා...මට කරන්න තියෙන ඔක්කොම කරා..ඔක්කොම නරක වෙලා දැන් මගේ ජීවිතෙත් දැන් නැතිවෙන්න යන්නේ...මීට වඩා හොඳයි මාව පුච්චලා ගිනි තියල දැම්මනම්..
No comments