Header Ads

ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන 3ක් ලෝක උරුමයට (PHOTOS)

මිහින්තලය, රිටිගල සහ ශ්‍රී පාදස්ථානය ලෝක උරුම ලෙස නම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ, නේපාලයේ ලුම්බිණියේදී පැවති දකුණු ආසියානු කලාපීය ලෝක උරුම සමුළුවේදී ය.
එම සමුළුව
පසුගිය 3 වන දා සිට 10 වන දා දක්වා පැවත්විණි.
අදාළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් පත්කරනු ඇතැයි සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සාමාජික පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.
ඉන් අනතුරුව යුනෙස්කෝ සංවිධානය විසින් එම ස්ථාන ලෝක උරුම ලෙස නම් කරනු ලැබීමට නියමිත ය.
මිහින්තලේ

රිටිගල


ශ්‍රී පාදස්ථානය
මේ වන විට මෙරට ස්ථාන 8ක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.
1. මහනුවර පූජා නගරය
2. සීගිරිය
3. අනුරාධපුරය
4. පොළොන්නරුව
5. ගාල්ල කොටුව
6. රන්ගිරි දඹුල්ල රජ මහා විහාරය
7. සිංහරාජ වනාන්තරය
8. නකල්ස් රක්ෂිතය


No comments

Powered by Blogger.