Header Ads

කැලේ රජා දෙගම්බඩ රජා සමග සටනේ

තම ආහාරවේල උදුරාගැනීමට පැමිණි කිඹුලකු සමග සිංහ රැළක් මාරාන්තික සටනක නියැලෙන ආකාරය පටිගත කිරීමට කායි බැනක්සි නමැති ඡායාරූප ශිල්පියකු සමත්ව සිටියි. 


ඔහු මෙය දැක ඇත්තේ කෙන්යාවේ සම්බුරු ජාතික රක්ෂිතයේ සතුන් නැරඹීමට ගොස් සිටිය දීය. 

ජලාශ්‍රිත ප්‍රදේශයක මියගිය අලියකුගේ මළ කුණක් කා දමමින් සිටි සිංහයන් හතර දෙනෙකි. ලොව විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා උරගයා සහ ලොව දරුණුතම උරගයා වන නයිල් කිඹුලකු මේ දෙසට පැමිණෙමින් සිටින බව දුටු එක් සිංහ ධේනුවක් කිඹුලා වෙත පැන පොර බැදීම ආරම්භ කැර ඇත. 

ඒ සමගම ඒ වෙත පැමිණි අනෙක් සිංහයන් ද හදිසියේ මතුවූ සතුරා පරාජය කිරීමට විනාඩි කිහිපයක දරුණු සටනක නිරතවූ බව බැනක්සි පවසයි.  සිංහයන්ගෙන් ගැලවීගත් කිඹුලා යලි ජලයට බැස නොපෙනී ගියේය.






No comments

Powered by Blogger.