Header Ads

පකිස්ථාන පිතිකරුවන් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගනිති

ෆාවඩ් අලාම් සහ ශොහිබ් මක්සූඩ්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 කින් ජය ගැනීමට පකිස්ථානය අද සමත් වූහ.
වර්ෂාවෙන්
තරගයට බාධා එල්ල වීම නිසා , එක් පිලකට පන්දුවාර 45 බැගින් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළහ.
කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා පළමු කඩුලු 4 ලකුණු 75 කදී බිඳ වැටුණි
73 වැනි එක්දින අර්ධ ශතකය අද වාර්තා කළ මහේල ජයවර්ධන ලකුණු 63 ක් රැස් කළ අතර, 21 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 85 කින් ලකුණු 89 ක් රැස් කළේය.
මහේල සහ මැතිව්ස් අතර 5වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 116කි.
වහබ් රියාස් ලකුණු 50කට ලබාගත් කඩුලු ගණන 3කි.
ශ්‍රී ලංකාව පන්දුවාර 45 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු  සංඛ්‍යාව  275කි.
පකිස්ථාන පළමු කඩුලු 5 ලකුණු 106 ක් තුළ  බිඳ වැටුණි.
6 වැනි කඩුල්ලට‍ ලකුණු 147 ක සබඳතාවක් ගොඩනැගූ ෆාවඩ් අලාම් සහ ශොහිබ් මක්සූඩ් පකිස්ථානය ජයග්‍රාහී මාවත කරා රැගෙන ගියහ.
අලාම් 6 වැනි එක්දින අර්ධ ශතකය අද වාර්තා කළ අතර,  මක්සූඩ් වාර්තා කළේ , සිව්වැනි එක්දින අර්ධ ශතකයයි.
තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම ඉස්මතු වූ අතර එහිදී දුවද්දී දැවීයාම් කිහිපයක් ද මග හැරී ගියේය.
තරග‍ය අවසන්වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් පමණක් දැවී පකිස්ථානය ජයග්‍රාහී සීමාව පසු කළහ.

No comments

Powered by Blogger.