මොසුල් වේල්ල පුපුරුවා හැරියොත් ලක්ෂ 5ක් මියයාමේ අවදානමක්
ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් ග්‍රහණයේ පැවති මොසුල් වේල්ල සම්පූර්ණයෙන්ම පාහේ ඉරාක හා කුර්දි හමුදාවන් විසින් අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් මොසුල් වේල්ල
පුපුරායාමෙන් විශාල විනාශයක් වීමේ අවදානම මෙතෙක් පහව ගොස් නැති බව විචාරකයන් පවසති.ටයිග්‍රීස් ගංගාව හරස් කරමින් බැඳ ඇති මෙම වේල්ල විසින් මෙගාවොට් 1000ක විදුලියක් ජනනය කෙරෙන අතර එමගින් රැස් කර ඇති ජල ප්‍රමාණය ඝන මීටර් බිලියන 11-12ක් පමණ වෙතැයි පැවසේ.
විශේෂඥයන් පවසා ඇත්තේ මෙය ජන සංහාරක අවියක් ලෙස භාවිතා කළ හැකි වනු ඇති බවයි.
ඒ අනුව වේල්ල විනාශ කිරීම මගින් මිලියන භාගයක් ජනතාව වෙත බලශක්තිය සහ ජල පහසුකම් අත්හිටුවිය හැකි වනු ඇති අතර ලක්ෂ ගණනක් දෙනා ජලයේ ගිලී යනු ඇතැයි පැවසේ.
ඇමරිකානු යුධ හමුදා ඉංජිනේරු බලකාය විසින් 2006දී නිකුත් කළ වාර්තාවක දක්වා ඇත්තේ මෙය ලෝකයේ අනතුරුදායකම වේල්ල බවයි.
එම වේල්ල ඉදිකර ඇති පස දියවී යන ස්වභාවයක් ඇතැයි අනාවරණයවී ඇති අතර ඉරාක රජය විසින් දිගින් දිගටම එහි සිදුකළ නඩත්තු කටයුතු ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් සිදුකර නොමැතිවීම මගින් වේල්ලේ තත්වය පිළිබඳවද සැක පහළවී තිබේ.
එමෙන්ම ඔවුන් වේල්ල අතහැර පලායාමේදී ඒ වෙත ළගාවිය නොහැකි වන ලෙස බිම් බෝම්බ අතුරා තිබීමද අනතුරකට හේතුවිය හැකි යයි විශ්වාස කෙරේ.
වේල්ල විනාශ වුවහොත් මොසුල් නගරය වහාම වැනසී යනු ඇති අතර කිලෝමීටර් 400ක් දුරින් පිහිටා ඇති බැග්ඩෑඞ් නගරයේ මීටර් 4ක් උසට ජලය පිරෙනු ඇතැයි විශේෂඥයින් අනතුරු හගවති.
No comments