පොදු අපේක්‍ෂකයකු අනිවාර්යයෙන් එනවා?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ තේමාව යටතේ එළඹෙන ජනාධිපතිවරණයට සියලුම දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන ඇතුළු සමස්‌ත ක්‍රියාකාරී කණ්‌ඩායම් සමඟ ඇතිකර ගන්නා
පොදු එකඟතාවක් මත පොදු අපේක්‍ෂකයකු අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තීරණය කොට ඇත.සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19 දා) කෝට්‌ටේ ශ්‍රී නාග විහාරයේ පැවැති ක්‍රියාකාරී කමිටු රැස්‌වීමේදී මෙම තීරණය ගත් බව එහි සම්බන්ධීකාරක රිචඩ් තනිප්පුලිආරච්චි ඉදිරි ජනාධිපතිවරණයට බෙදී වෙන්වී වෙනම කරග කළහොත් ජයග්‍රහණයක් ලැබීම අසීරු බැවින් සියලුම දේශපාලන පක්‍ෂ, කණ්‌ඩායම් හා සිවිල් සංවිධාන සමඟ පොදු එකඟතාවකට පැමිණීම සඳහා කඩිනමින් කටයුතු කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
No comments