කලාකරුවන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න වසන්ති චතුරාණි පෙරමුණ ගනී
ශ්‍රී ලාංකේය කලාකරුවෝ සංවිධානයේ කලාකරුවන් 100කගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකර රුවන්වැලි සෑ රඳුන් අබියස අධිෂ්ඨාන පූජාවක් අද (24දා) දින සවස 4.00ට පැවැත්වීමට නියමිතය.
කලාකරුවනට ඇතිවන ක්‍ෂේත්‍රයට අදාළ විවිධ ගැටලු සඳහා මැදිහත් පාර්ශ්වයක් ලෙස පෙනී සිටීම රජය විසින් කලාකරුවන් උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි ප්‍රතිලාභ සෑම කලාකරුවකුටම සමසේ සහ නිසිසේ ලබානොදීම සහ කලාකරුවන්ට සිදුවන අක්‍රමිකතා පිළිබඳ අදාළ පාර්ශ්ව දැනුම්වත් කිරීමටත් සාධාරණය
ඉෂ්ට කරදීමට බලපෑම් කරන කණ්ඩායමක් ලෙසින් පෙනී සිටීමටත් 'ශ්‍රී ලාංකේය කලාකරුවෝ' සංවිධානය බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලාංකේය ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය වර්තමානයට ගැළපෙන අයුරින් සකස් කිරීම සඳහා කලාකරුවන් සහ විද්වතුන්ගෙන් සැදුම්ලත් පුළුල් කතිකාවතක් ඇති කිරීමටද මේ සංවිධානය අරමුණ කරගෙන ඇත.
කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඒ ඒ ක්‍ෂේත්‍රයනට අදාළව සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට ශ්‍රී ලාංකේය කලාකරුවෝ සංවිධානය බලාපොරොත්තු වේ.
ප්‍රවීණ නිළි වසන්ති චතුරානි මේ සංවිධානයේ ලේකම් ධුරය දරන අතර විශාරද සමන් දිසානායක සභාපතිත්වය උසුලයි.
No comments