Header Ads

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ උත්කර්ෂවත් සමාරම්භය

2014 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්‍ලාස්ගෝ (Glasgow) නගරයේදී අරම්භ විය.
එහි සමාරම්භක උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ ප්‍රධානත්වයෙනි.
දින 288ක් පුරා සැතපුම් 120000ක් පමණ දුර ගෙවූ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා
උළෙලේ ගිනිසිළුව එහිදී දල්වන ලදී.
මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 71 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සහභාගි වීමට නියමිත ය.
මෙම ක්‍රීඩා උළෙල ඔලිම්පික් උළෙලට පමණක් දෙවෙනි වන වැදගත් ක්‍රීඩා උළෙලකි.

No comments

Powered by Blogger.