Header Ads

17 හැවිරිදි ශිෂ්‍යයෙකුගේ මුවකින් දත් 232ක් ඉවත් කරයි

17 හැවිරිදි ශිෂ්‍යයෙකුගේ මුඛයෙහි පිහිටා තිබූ දත් 232ක් එරට වෛද්‍යවරුන් පිරිසක් විසින් ඉවත් කරනු ලැබූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සුවිශේෂී ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවූ බව ය.
ආෂික් ගවායි (Ashik Gavai) නමැති අදාළ ශිෂ්‍යයා මුම්බායිහි රෝහලකට පැමිණ ඇත්තේ
, කම්මුලක් ඉදිමී තිබීම හේතුවෙනි.
ඔහු මාස 18ක පමණ කාලයක් එම තත්ත්වයෙන් පීඩා විඳ ඇත.
ඔහුට ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන්නේ, මෙය ලෝක වාර්තාවක් ලෙස සැලකිය යුතු දුර්ලභ තත්ත්වයක් බව ය.

No comments

Powered by Blogger.