Facebook නිසා අවුන්සාං සු කී දැඩි අපහසුතාවකට පත්වෙයි: මියන්මාර් තොරතුරු නියෝජ්‍ය ඇමති සමාව ඉල්ලයි
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ සභාපතිනිය මෙන් ම විපක්ෂ මන්ත්‍රීවරියක වන අවුන්සාං සු කීට Facebook වෙබ් අඩවිය හේතුවෙන් මහත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ.
ඇය එසේ දැඩි අපහසුතාවට පත්ව ඇත්තේ,
විකෘති කරන ලද ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලය හරහා ව්‍යාප්ත වීම හේතුවෙනි.අදාළ ඡායාරූපයෙහි අවුන්සාං සු කී මුස්ලිම් කාන්තාවන් පළඳින හිස් වැස්මක් පැළඳ කිරුළක් පළඳින ආකාරය දැක්වේ.
එය ව්‍යාජ ලෙස සකසන ලද්දක් වූ අතර එම ඡායාරූපය වැරදීමකින් මියන්මාරයේ තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය Ye Htutගේ බිරිඳ විසින් ෆේස්බුක් වෙබ් අඩවියෙහි share කර තිබේ.
මියන්මාරය තුළ ආගමික ගැටුම් බහුලව පවතින හෙයින් මෙම ඡායාරූප විකෘතිකරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව දැඩි අප්‍රසාදය පළ කර ඇත.
අවසානයේ තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය Ye Htut මේ සම්බන්ධයෙන් අවුන්සාං සු කීගෙන් සමාව ඉල්ලා තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, සමාජ ජාල වෙබ් අඩවි මියන්මාරය තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති හෙයින් තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය Ye Htut, ෆේස්බුක් අමාත්‍යවරයා (Facebook minister) යන සරදම් නාමයෙන් හැඳින්වීම ය.
No comments