Header Ads

සයිබර් කප්පමෙක් පරිගණකයට පනී

ඉදිරි දින දෙක ඇතුළතදී එල්ල විය හැකි මහා පරිමාන සයිබර් ප්‍රහාරයක ලකුණු පෙනෙන්නට ඇති නිසා  වහ වහා තම තමන්ගේ ප්‍රති වෛරස මෘදුකාංග,පරිගණක මෙහෙයුම් පද්ධති හා වෙනත් මෘදුකාංග  
යාවත් කාල කරගන්නැයි බ්‍රිතාන්‍යය ජාතික අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
දැනටමත් බ්‍රිතාන්‍යය ජාතිකයින් 15000 දෙනෙකුගේ පරිගණක වල ප්‍රහාරයේ ආරම්භක පියවරක් ලෙස මැල්වෙයා ගණයට අයත් පරිගණක වෛරසයක් පිහිටුවා ඇතැයිද ඒ ආධාරයෙන් සයිබර් අපරාධකරුවන්ට එම පරිගණක වල ඇති සියලූ තොරතුරු ලබා ගත හැකි යැයිද ඒජන්සිය පවසයි.
‘ගේම් ඕවර් සියුස්‘ ලෙස මෙම වෛරසය නම් කෙරී ඇත.
ප්‍රහාරයේ මහ මොළකරුවා ලෙස සැළකෙන්නේ ඉවාජෙනි මිකාලියෝවිච් බොගොචෙව් නම් රුසියන් ජාතිකයෙකි.ඔහු දැනට රුසියාවේ වාසය කරන බව සොයාගෙන ඇති අතර ඔහු  බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීමට බලධාරීන් දරන උත්සාහය රුසියාවේ ඇතැම් නීති නිසා සාර්ථක නොවනු ඇතැයි පැවසේ.
ලෝකයේ සියලූ ආකාරයේ ජාතික ආරක්ෂක ඒකක  එකතුවී මෙම සයිබර් ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටියි.
වෛරසය පරිගණක වෙත ආසාදනය වන්නේ විද්‍යුත් පණිවිඩ හා වෙබ් අඩවි ආශ්‍රයෙන් බව සොයාගෙන ඇති අතර නාදුනන වෙබ් අඩවි හා විද්‍යුත් පණීවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින්න යැයි විශේෂඥයෝ උපදෙස් දෙති.
වෛරසයේ ප්‍රහාරයට ලක්වූ කිහිපදෙනෙක් සම්බන්ධ තොරතුරු දැනටමත් වාර්තා වී තිඛෙන අතර ඔවුන්ගේ පරිගණක වල තිබූ ඡායාරූප , පවුලේ තොරතුරු හා අවසානයේ බැංකු ගිණුම් තොරතුරු පවා තමන් අතට ලබාගෙන පරිගණකයේ මෘදුකාංග පද්ධතිය විනාශ කර ප්‍රහාරකයින් අවසානයේ සියල්ල තිබුණු තත්ත්වයට පත් කර දීමට විශාල ප්‍රමාණයේ මුදලක්ද ඉල්ලා සිටියේයැයි ඔවුහු කියති.
බ්‍රිතාන්‍යය ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් මෙන් පෙනුනද ලෝකයටම මින් ඇති අවදානම සුලූ කොට තැකිය නොහැකි යැයි විශේෂඥයින්ගේ අදහසයි.

No comments

Powered by Blogger.