Header Ads

අධිවේගය ගංවතුර කැදවයි!

අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී තෙත් භූමි සහ ජල පෝෂක ප‍්‍රදේශ විනාශ කර දැමීමට කටයුතු කිරීම නිසා සාමාන්‍ය වර්ෂා තත්ත්වයකදී පවා පහත් බිම් දින දෙක තුනක් ජලයෙන් යට වී තිබෙන බව පරිසර සංරක්ෂණ භාරය සදහන් කරයි.
බවද එම සංවිධානයේ
අධ්‍යක්ෂක සජීව චාමිකර මහතා සදහන් කරන්නේ කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී ජල පෝෂක ප‍්‍රදේශ 05ක් විනාශ වී තෙත් බිම් 07ක් දෙකඩ වී තිබෙන බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා බොල්ගොඩ ගගේ ජල පෝෂක ප‍්‍රදේශත්, කළු ගගේ, ගිං ගගේ, බෙන්තර ගගේ සහ නිල්වලා ගගේ ජල පෝෂක ප‍්‍රදේශත් විනාශ වී තිබෙන බවද ඒ මහතා පවසයි.
මුතුරාජවෙල තෙත් බිම කටුනායක අධිවේගී මාර්ගය නිසාත්, පිටත වටරවුම් මාර්ගය නිසා කුඹුරු පද්ධතියත්, දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා බොල්ගොඩ තෙත් බිමත්, කළු ගගේ පිටාර තැන්නත්, බෙන්තර ගගේ, ගිංගගේ නිල්වලා ගගේ පිටාර තැනිතලාවත්, හල්වතුර තෙත් බිමත් දෙකඩ වී තිබෙන බවද සජීව චාමිකර මහතා සදහන් කළේය.
මේ නිසා ඉහළ සිට ගලාගෙන පැමිණෙන ජල පහරවල් වලට නිදහසේ මුහුදට ගලාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත්, සුළු වැසි තත්ත්වයකදී පවා ගංවතුර තත්ත්වයක් උද්ගත වී ජනතාව පීඩාවට පත්වන බවත් ඒ මහතා කියයි.

No comments

Powered by Blogger.