රෝයල් පාක් මිනීමැරුමට මරණ දඬුවම නියම කරයි
රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ ජූඞ් ශර්මන්ත ජයමහට අභියාචනාධිකරණයෙන් නියම කෙරුණු මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත කර තිබෙනවා. මොහු විසින් ඉදිරිපත් කරන ලද
අභියාචනයක් සැලකිල්ලට ගනිමින් සිදුකෙරුණු විභාගයකදී ශ්‍රේෂ්ඨාධිකරණය එම දඩුවම අනුමත කර ඇති බවයි කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක අද (09) කියා සිටියේ. ඒ පිළිබදව විත්තිකරු අධිකරණයට කැදවා විනිසුරුවරිය විසින් දැනුම් දී තිබෙනවා.රෝයල් පාක් ඝාතන නඩුවේ වරදකරු වූ ජූඞ් ජයමහට අභියාචනාධිකරණය විසින් මරණ දඩුවම ලබාදුන්නේ 2012 වසරේ ජූලි මස 11 වැනිදායි. 2005 වසරේ ජූනි මස 30 වැනිදා රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික 18 හැවිරිදි ඉවෝන් ජොන්සන් නැමති තරුණිය අමානුෂික ලෙස මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට කොළඹ මහාධිකරණය වසර 12 ක සිර දඩුවම් පනවනු ලැබුවා. එහෙත් මෙම දඩුවමට එරෙහිව විත්තිකරු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර නීතිපතිවරයා විසින් තවත් අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබුවේ දඩුවම ප‍්‍රමාණවත් නොවන බව පවසමින්. ඒ අනුව අභියාචනා දෙකම සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරුගේ අභියාචනය නිශ්ප‍්‍රභ කරනු ලැබුවා.
නීතිපතිවරයාගේ අභියාචනය සැලකිල්ලට ගනිමින් මහාධිකරණය විසින් මීට පෙර පනවා තිබූ වසර 12ක සිර දඩුවම වෙනුවට මරණීය දණ්ඩනය නියම කළා. මොහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් අභියාචනයක් ඉදිරිපත් කළේ මෙම දඩුවම අභියෝගයට ලක් කරමින්.
No comments