දැරියට මරු කැදවූයේ ගුරුවරියන්ගේ සමලිංගිකත්වයද ?
හපුගොඩ ශාන්ත මරියා විදුහලේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් අද (09) එම පාසැල වසාදමා තිබේ. දෙමාපියන් එක්දහස් පන්සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටී. ඉකුත් සිකුරාදා (06) පාසැල් කාලයේදී දැරිවියක දුම්රියට පැන දිවිනසා ගත්තාය. ඒ ගුරුවරියන් දෙදෙනෙකුගෙන්
එල්ලවූ බලපෑම් දරාගත නොහැකි තැනය. අදාල ගුරුවරියන් දෙදෙනාගේ අසැබි වීඩියෝ දසුන් කිහිපයක් එම දැරිය සතුව ඇතැයි කියා චෝදනා කරමින් මෙම ගුරුවරියන් දෙදෙන ඇයගෙන් ඒවා ඉල්ලා තිබේ. එහෙත් දැරිය පවසා ඇත්තේ තමා සතුව එවැන්නක් නැති බවය. එහෙත් එය නොපිළිගත් ගුරුවරියෝ දෙදෙන ඒවා ඉල්ලා ඇයට දිගින් දිගටම බලපෑම්කොට ඇති අතර පාසැලේදී ඇයට දැඩි චෝදනා එල්ලකොට තිබේ. මේ තත්ත්වය දරාගත නොහැකි තැන දැරිය දුම්රියට පැන දිවි නසා ගන්නට ඇතැයි පැවසේ.
එක්දහස් පන්සියයක් පමණ දෙමාපියෝ පාසැලට ඇතුල්වී උද්ඝෝෂණය කරනුයේ එම ගුරුවරියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි. මෙම අවස්ථාවට පොලිසියේ සියයකගේ පමණ රැකවල් යොදා තිබූ අතර එම ස්ථානයට ආ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කියා සිටියේ අමාත්‍යාංශ මට්ටමෙන් එක් පරීක්ෂණයක්ද පොලිසිය මඟින් තවත් පරීක්ෂණයක්ද සිදුවන බවත් ඉන් පසු ගුරුවරියන් දෙදෙනාට එල්ලවී ඇති චෝදනාවලට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
No comments