Header Ads

පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා වෙනුවෙන් නීති සහය ලබා දීමට නීතිඥ සංගමය සූදානම්

පස්යාලේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් නීති සහය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එහි ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේ, මිය ගිය තරුණයාගේ
පාර්ශ්වයෙන් ඒ සඳහා ඉල්ලීමක් ලැබුණ හොත් ඔහු වෙනුවෙන් නීති සහය ලබා දීමට සිය සංගමය ඉදිරිපත් වන බව ය.
පසුගිය බදාදා රාත්‍රි 11.30 ට පමණ කොළඹ – නුවර මාර්ගයේ නුවර දෙසට ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.

No comments

Powered by Blogger.